#Post Title #Post Title #Post Title
Saturday, December 31, 2011

2012 අංක මාරුව..

ලබන්නා වු නව වසර නීදුක් නිරොගි, සතුට සාමය සපිරි, සියලු පැතුම් ඉටුවන නව වසරක් වෙවා යාලුවනේ....

---♥-/▒▒/---/▒▒/--♥-/▒\---------♥-/▒▒▒▒\-----♥-/▒▒▒▒\---♥-\▒▒----/▒▒/
---♥-/▒▒▒▒▒▒▒/-♥-/▒▒▒\------♥-/▒▒---/▒▒/-♥-/▒▒---/▒▒/-♥-\▒▒-/▒▒/
--♥-/▒▒/---/▒▒/-♥-/▒▒-▒▒\----♥-/▒▒---/▒▒/-♥-/▒▒---/▒▒/----♥-\▒▒▒/
-♥-/▒▒/---/▒▒/-♥-/▒▒▒▒▒▒\--♥-/▒▒▒▒▒/---♥-/▒▒▒▒▒/--------♥-/▒▒/
♥-/▒▒/---/▒▒/-♥-/▒▒/----\▒▒\♥-/▒▒/---------♥-/▒▒/-------------♥-/▒▒/
... -♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫
----♥-/▒▒\----/▒▒/-♥-/▒▒▒▒/♥-\▒▒\------------/▒▒/
---♥-/▒▒▒\--/▒▒/-♥-/▒▒/------♥-\▒▒\--/▒\----/▒▒/
--♥-/▒▒/\▒▒▒▒/-♥-/▒▒▒▒/-----♥-\▒▒\/▒▒\-/▒▒/
-♥-/▒▒/---\▒▒/-♥-/▒▒/-----------♥-\▒▒▒/-\▒▒▒/
♥-/▒▒/-----\▒/-♥-/▒▒▒▒/---------♥-\▒▒/---\▒▒/
-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫
----♥-\▒▒\----/▒▒/-♥-/▒▒▒▒/--♥-/▒\------------♥-/▒▒▒▒\
-----♥-\▒▒\--/▒▒/-♥-/▒▒/-----♥-/▒▒▒\---------♥-/▒▒----\▒▒
------♥-\▒▒\/▒▒/-♥-/▒▒▒▒/-♥-/▒▒--▒▒\-----♥-/▒▒---/▒▒/
--------♥-\▒▒▒/--♥-/▒▒/-----♥-/▒▒▒▒▒▒\---♥-/▒▒▒▒▒/
---------♥-/▒▒/--♥-/▒▒▒▒/-♥-/▒▒/-----\▒▒\♥-/▒▒/----\▒▒\

◕▄███▄◕──◕▄██▄◕──◕▄███◕─◕▄███▄◕ ◕▀──██◕─◕██──██◕───◕██◕─◕▀──██◕ ◕──██◕──◕██──██◕───◕██◕─◕──██◕ ◕─██◕───◕██──██◕───◕██◕─◕─██◕ ◕█████◕──◕▀██▀◕───◕▄██▄◕◕█████◕


කැලැන්ඩරේ හැට්යට අලුත් අවුරුද්දක්. මොනාද ඉතින් මේ අවුරුද්දේ සැලසුම්. ගොඩක් අයට ගොඩක් දෙවල් ඇති. මට නම් මෙකේ විෂේශත්වයක් නැ. කෙනෙක්ට හිතෙන්න පුලුවන් මන් රිනාත්මක පොරක් කියල. මම එහෙමද? මන් එහෙම හිතන්නේ නැ. ජිවිතේ අපිට උදාවන හැම තප්පරයක්ම, අලුත් අලුත් සිතුවිලි, අලුත් බලපොරොත්තු ගැන හිතන්න පුලුවන්. ඇයි එකට දින මරුවෙනකන් ඉන්නේ.
තව දෙයක් ඊයේ 31 එක වසරක අවසානයක්. ඒ අවසානයත් අලුත් අවුරුද්දක ආරම්බයත් එක්ක කිදෙනෙක් බිලා නැගිට ගන්න බැරිව ඇතිද? තව පිරිසක් පොලිස් කුඩුවල, තවත් කි දෙනෙක් අනෙක් අයව අපහසු තවයන්ට ලක් කරල සතුටු වෙන්න ඇතිද? අලුත් කියගෙන සමරන්නේ මේ දේ ද? අපි හැමොගෙම අකල්ප වල වෙනසක් ඇතිවෙන්න ඔන. අපි මේ පරිසරයත්, මින්සුන් විසින් මිනිසුන්ට සිදුවන හානියත් කොච්චරද?
 2011 ඉවරයි 2012 අවා ගොඩක් දෙවල් තිරනය වෙන වසරක් වෙවි.
[ Read More ]
Saturday, December 17, 2011

විඩියො එඩිටින් වලට එල.

CyberLink PowerDirector 5.0 Premium
මම විඩියො එඩිටින් ගැන කියන්න මෙලො දෙයක් දන්නේ නැ. එත් මන් මෙකෙන් විඩියො කිහිපයක් හැදුව එලටම අවා. පොඩි සොෆ්ට්වෙයා එකක් එත් ලොකු වැඩ කරන්න පුලුවන්. ඔයාලත් ට්‍රයි කරල බලන්න. මෙකේ නිව් වර්ශන් තියනවා එවා ලොකු වැඩි. පි4 එකක උනත් ඔක වැඩ.
කැලි 7ක් ඇති බගන්න. ඒකල්ල අන් සිප් කරගන්න. දිල තියන යුස නෙම් පවිච්චි කරන්න.
වැඩක් උනානම් කොමෙන්ටුවකුත් දාලම යන්න.
ස්තුති..

1 කැල්ල බාගන්න.
2 කැල්ල බාගන්න.
3 කැල්ල බාගන්න.
4 කැල්ල බාගන්න.
5 කැල්ල බාගන්න.
6 කැල්ල බාගන්න.
7 කැල්ල බාගන්න.
[ Read More ]
Thursday, November 3, 2011

FB එකෙන් අසම්මතයේ පෙමක් . අවසානයට පසුවදනක්.

එ කාතාවනම් ඉවරයි. එත් යමක් කිව යුතු යැයි සිතමි. මක් නිසාද යත් මා අතිනුත් අවසානයේ වැරැද්දක් සිදුවිද යන ප්‍රශ්නය මතු වු නිසා. ඇය ගැන යමක් කිව යුතුය. ඇය ජාරා චරිතයකින් යුතු තැනැත්තියක් ලෙස මා නොකියමි. නමුත් මා ඇය ගැන බොහො දේ නොදනිමි. මිනිසුන් විවිදාකරය. තෙරුම් ගැනිමට නොහැකි යි. ඇයගේ චරිතය ගැන චරිත සහතික දිමට මට බැරිය. බොහො විට ඇය මා සමග X ගැන සදන් කල දේත් , ඇගේ අදරයත් සත්‍යක් විය හැකිය. මේ කාතාවේදි යම් යම් අවස්තා වලදි ඒ ආදරය මා හට කොතරම් වැදගත් ද? ඒ ආදරය කොතරම් ඔනැ වි ඇත්ද? ඒ අතරම ඇගේ බොහොදෙවල් මට ප්‍රශ්න උනාද. බොහො දෙවල් වලට පිලිතුරු ඇත්තේ ඇ ලගමය.

මා විසින් ලියු යම් දෙකින් ආදාල පාර්ශව වෙත යම්කිසි සිත් රිදවීමක් වුනි නම් මගේ හදවතින්ම සමාව ඉල්ලමි.

[ Read More ]
Monday, October 24, 2011

ජංගම දුරකතන අලුත් වැඩියා කරන්නන් හට.. බඩු තොගයක්

KADA 852D හොට් ගන් එකයි
පවර් සප්ලයි එකයි
අල්ට්‍රා සොනික් ක්ලිනර් එකයි
JAF BOX එකයි P-Key ඩොන්ගල් එකයි
For NOKIA
කෙබල් සෙට් එකයි

  SE-TOOL2
For Sony Ericsson
& GSM Test SIM Card - SEtool SE tool
ඔය ඔක්කොම Rs. 50.000/= ගානකට සෙට් උනොත් දෙනවා. පවිච්චි කරල නැ. සොෆ්ට්වෙයා එහෙමත් තියනවා එවාත් එක්කම..
[ Read More ]
Wednesday, October 19, 2011

FB එකෙන් අසම්මතයේ පෙමක් ... 7 (ඉවරයි)

FB එකෙන් අසම්මතයේ පෙමක් ...6
ගොඩ කාලෙකින් අයේත් කතාව ලියන්න ගත්තා. නොලියන්න පොඩි පහෙ හෙතුවකුත් තිබුන. අනික මෙක බොරුවක් වන්චාවකුත් නෙමේ පිස්සු පුසාගේ ජිවිත කතාවේ ඇත්තක්.. ඉතින් ඔන්න එහෙනම්..

2011 ජනවාරි 10 වෙනිදා..


 අද තමා නුවර එන දවස. එත් මට කොල් එකක් වත් නැ. 11 අද කැම්පස් එකට යන දවස. හැන්දැවේ මාලිගාවට එනවා කියල මැසෙජ් එකක් අවා. මායි යාලුවෙ කුයි ගියා මාලිගාවට. එයා ඉන්නවා දැක්කත් කතා කරන්න විදිහක් තිබුනේ නැ. අපි බයික් වල පිස්සො වගේ ඇවිදල මග නවත්තල බියර් එකකුත් ගසල ගෙවල් වලට ආවා. පහුවදා හැන්දැවේ එයා මට කොල් කරා. කැම්පස් ගිහින් ඇවිල්ල. මන් නම් හිටියේ හැමදාමත් වගේ අව්ලෙන්. පිස්සු තමා. ජිවිතේ චා වෙලා හිටපු මට පොඩි හරි සැනසිමක් උනේ මෙයනේ. එකත් ඉතින් එහේම්මත් නෙමේ. කොහොම හරි අයේ තරහ මරහා අමතක කරල ඉතින් මල් තමා. ඔහොම යනකොට පලවෙනි සතියේ සිකුරාදා මෙයා නැදැගෙදරක යන්වයි කියල අපි දවස් 3ක් රුම් එකක තනි උනා. මට ඔනේ උනේ ජිවිත කලෙටම එයාව මන් ලගින් තියගන්න. එ වෙනුවෙන් මන් පුලුවන් හැමදෙම කරා. එත් උන දෙවල් මේ කතාව කියපු අය දන්නවා. පස්සේ දවසක එයා අපේ ගෙදර අයටත් අදුන්නල දුන්න මන් එයාව බදිනවයි කියල. මෙයා නුවර අවිල මාස 2ක් විතර යනකන් අදරය, ප්‍රශ්න, වගෙම කිප වතාවක් හම්බුනාත් එක්ක.

මට මෙයගේ දෙබිඩි ජිවිතේ ලොකු ප්‍රශ්නයක් උනා. පස්සේ මන් කිව්වා හරි තිරනයක් ගන්න කියල එය එහෙම කරෙ නැ. මට මල පැනල අපි දෙන්නගේ ෆොටො එකක් Xට MMS කරා. එදා තමා මන් X ගැන හරියටම දැනගත්තේ. එයා මාව විස්වස කරේ නැ. කෙල්ලව විස්වාස කරල කෙල්ලගෙන අහල. කරන්න දෙයක් නැති කමට කෙල්ල ඔක්කොම විස්තර Xට කියල. පස්සේ Con. එකක් දාල තුන් දෙනාම කතා කර පැයක් විතර. පව් අහින්සක කොල්ලෙක්. එත් මට කියන්න බැරි උනා මල්ලියේ මෙ කෙල්ලව කොහොමද විස්වාස කරන්නේ කියල. ඔන්න ගැනුන්ගේ හැටි.

[ Read More ]

දායාබරත්වයෙන් අමතමි...

පිස්සු පුසා.... බොලොග් එකට ලියන්නේ මාස ගානකින්. FB එකටත් යන්න වෙන්නේ නැති තරම්. සමහර අයටනම් මාව අමතක වෙලා. මිට මාස කිහිපයකට උඩදිනම් පිස්සු පුසාව ගොඩක් අය දන්නව. විවිද හෙතු නිසා පුසාව හොයපු අය ගොඩක් හිටිය. එහෙම තමා ජිවිතේ සම්හර අය අපේ ජිවිත වලට එනවා යනවා. සමහර අය අපේ ජිවිත වල නැතිවම බැරි අය වෙනවා එහෙම උනත් සමහර වෙලාවට අපි දන්නෙත් නැ අපේ ජිවිත වලින් ඇතට ගිහින්. සමහර අයට අපි අදරේ කරනව , එ අය අපිට අදරේ නැ. වෙන කෙනෙක් අපිට අදරේ කරනකොට, එ අයට අපි අදරේ නැ. එකින් එකාට අදරෙන් බැදුනාම එක් වෙන්න බාදා. එහෙමත් නැතිනම් මොනා හරි හෙතුවක් නිසා වෙන් වෙන්න වෙනවා. අතිතය දිහා නිහඩව තමන්ගෙම ලොකෙක ඉදන් බලපුවහම ජිවිතේ ගැන ලොකු පාඩමක් අපිට කියල දෙනවා නේද?

ඇයි මන් මෙවා කියන්නේ.. සමහර විට මෙක කියවන අයට හිතේවි පිස්සු පුසාට සිරවටම පිස්සු කියල. සමහර විට එහෙම වෙන්න ඇති. සමහර විට පිලිවලක් නැති ලිපියක් වෙන්නත් පුලුවන් මේක. අගක් මුලක් නැති. හරියට අවුල් උන ජිවිතයක් වගේ. එත් මන් කියන්නේ නැ මගේ ජිවිතේ අවුල් වෙලා කියලා. එත් මට උනත් මගේ ජිවිතේ තෙරුම් ගත යුතු දෙවල් බොහොමයක් තියනවා කියලනම් මට හිතෙනවා.

මගේ අන්තර් ජාල පිවිසුම..

 මම SLT කනෙක්ශන් එක ගත්තේ SLT Broadband හදුන්වා දුන් අලුතම. ඊට කලින් මොඩම් කැල්ලක් ගහගෙන (ඉස්සර ඩයලප්) පොඩ්ඩ පොඩ්ඩ නෙට් යුස් කරා. Broadband යුස් කරේ ඩවුන්ලොඩ් වැඩෙට විතරයි. එත් ජිවිතේ යම් සිදු විමක් නිසා වෙනත් ෆෙක් නමකින් බුකියට ගොඩ වැදුනේ හැමදෙටම කොම්පිටරෙත් ඉන්ටර්නෙටුත් විතරක්ම ජිවිතේ වගේ උන නිසා. තව දෙයක් එකට එකතු උනා යායු චැට් රුම් වලත් (එ දවස්වල යුද්දේ නිසා හොද හොද සෙල්ලම් තිබුන රැ 7න් පස්සේ, අනික බොතලේ) ටිකක් පොර වෙලා හිටියා. LOL එ දවස් වල ජිවිතේ ගොඩක් ම විදවපු කාලයක් ඒ අදරේ නිසා. එ නිසයි නිතර බුකියට ගොඩ වැදුනේ (පිස්සු පුසා මැතක එකක්) බුකිය නිසා අදුර ගත්ත බොහො පිරිසකින් සුලු පිරිසක් හොද මිතුරන් විදිහට ගොඩක් දේවල් වලදි වචනෙකින් හරි කතා කරල හිතට සහනයක් වෙන්න අය හිටියා. ඒ කාලේ බ්ලොග් ගැන මෙලො දෙයක් දන්නේ නැ. පොඩි පොඩි වෙබ් වැඩ නම් කරා. පස්සේ ජිවිතෙට මුන දෙන්න උන දෙවල් එක්ක වෙනම අරමුනක් වෙනුවෙන් පිස්සු පුසා එලියට අවාත් ඒ අරමුන යම් තාක් දුරට සාර්තක නම් උනා. එත් ඒක එ අරමුනම නොඋනත්. (මෙ මොන හරුපයක් ද කියල බ්ලොග් එක කලින් බලපු අයත්, මන් ගැන දන්න අයත් දනි) පස්සේ පිස්සු පුසටත් හොද පිරිසක්, බ්ලොග් එකත් කාලයත් , යම් යම් දෙවල් තෙරුම් ගත්ත නිසත් ගොඩක් දෙවල් වෙන්ස් උනා.

මේ ජිවිතේ විශේෂ වු කෙනෙක් වෙනුවෙන්.

අතිතයේ සමහර දෙවල් මොනතරම් කටුක දෙවල්  වුනත් අමතක කරන්න හරිම අමරුයි.  එත් සමහර අය අපේ ජිවිත වලට එන්නේ ජිවිතෙන් ඇත් උනත් හදවතින් ඇත් කරන්න බැරි තරමට හදවත් වලට ලන් වෙලා. ඒ ලංවීම මොනදේ කරන්න ගියත් හැම මොහොතකම හදවතේ දොන්කාර දෙන්නේ ඒ අදරේට කොච්චර අදරේ කරද කියන දේ හැමදාමත් මතක් කරමින්. එත් මොනාද කරන්න ඕනේ කියල අදටත් හිතාගන්න බැ. එත් මොනා හරි කරන්න ඔනේ. නිසන්සලා ඔයා හැමදාමත් සතුටින් ඉන්න ඔනේ.. එක තමා මන් හැමදාම ප්‍රර්තනා කරන්නේ. ඔයා ගැන හැමදේම හොයල බලන්න ඔනේ. එත් එක ඔයාට නරකක් වෙයි බයයි. සතුටින් ඉන්න. ජිවිතේ අලුතින් ලියන්න. ඔයාට මන් හදවතින් සුබ පතනවා. කවදා හරි දවසක මේ පුන්චි රටේ කොතනකදි හරි ඔයා සතුටින් ලස්සන ජිවිතයක් ගතකරනවා දකින්න ලැබෙන්න කියල ප්‍රර්තනා කරනවා..

කියන්න ඔනේ උනේ ඔක. එදත් අදත් හෙටත් සහොදරත්වය වෙනුවෙන් දැත් දිගු කරන හැමොටම හිස නමා මගේ අචාරය....


[ Read More ]
Sunday, August 21, 2011

සිංහල බ්ලොග් අවකාශයේ මාතර හා ඒ අවට සිටින බ්ලොග් ලියන්නන්ට කෙරෙන ආරාධනයයි මේ...

සිංහල බ්ලොග් අවකාශයේ මාතර හා ඒ අවට සිටින සියලුම බ්ලොග් ලියන්නන්ගේ හමුවක් පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත... මෙහි මූලික පරමාර්ථය වනුයේ විවිධ ආරූඩ නම් වලින් සිටින අපගේ බ්ලොග් ලියන්නා වූ සහෝදර සහෝදරයින් එකට මුණ ගැසී තම අදහස් උදහස්‌ හුවමාරු කරගැනීමට මෙන්ම විනෝද වීම සඳහා අවස්තාවක් ලබා දීමටයි...

මීට පෙර මෙලෙසම ගාල්ල හා ඒ අවට බ්ලොග් ලියන්නන් ගේ හමුවක් පැවැත්වුණු අතර මෙවර මාතර අවට බ්ලොග් ලියන්නන් ගේ හමුවක් පැවැත්වීම සඳහා යෝජනාවක් තවත් බ්ලොග් කරුවකුගෙන් මතු විය... මෙහිදී මාතර හා ඒ අවට යනුවෙන් වර්ග කර තිබෙන්නේ අනෙකුත් ප්‍රදේශ වලින් පැමිණීමේ අපහසුතාවය හේතු කොට ගෙනය... නමුත් පැමිණිය හැකි සහභාගීවීමට කැමැත්තෙන් පසු වන ඕනෑම බ්ලොග් කරුවෙකුට මේ සඳහා සහභාගී විය හැක...

මේ පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න...

දේව්දාස්...­­

[ Read More ]
Saturday, July 23, 2011

ටෙලි නිලියන්ගේ හෙලු වැල්ල..

මේ දවස් වල කගේත් උනන්දුව ටෙලි නිලියන්ගේ මේ ගනිකා කතාවට. ඇයි මිනිස්සු මෙවට උනන්දු..? කවුරුත් මෙහි සාදාරනත්වයක් දකිනවද? බොහොපිරිමි නම් හිතයි අනේ මේ එකෙක් එක්ක බුදියන්න තිබ්බනම් කියල.. ගැනු මොනාද හිතන්නේ අමුතුවෙන් කියන්න දෙයක් නැ ඒ අයත් අනේ මෙහෙමත් ගැනු කියලා බනිවි. ඉතින් මන් මොනාද මෙ කියන්න හදන්නේ. රටේ ලොකේ තොරතුරක් නිසා මාත් ඉතින් එහෙන් මෙහෙන් හොයව්වා ලොකුවට නෙමේ වෙබ් අඩවි වල හෙඩින් වලයි, පත්තර වල හෙඩින් වලයි.. වෙබ් අඩවි,පුවත් පත් විකුන ගන්න කට්ටියටම මරුචාන්ස් එක.  ඒ විතරක් නෙමේ කරන්න පුලුවන් ජාරා වැඩ ඔක්කොම කරන ලන්කාවේ පොලිසියට එක දාගන්නත් එල චාන්ස් එක. මන් මේ ලිපියෙන් කාටවත් දොස් කියන්නවත් කාවවත් නිවැරදි කරන්නවත් කරන උත්සහයක් නෙමේ. මට පෙනෙන දකින හැන්ගුන යාතාර්තය මෙකද කියල හොයන්නයි ඔමනාව. ඉතින් එහෙනම් කතාවට එමු...

පහු ගිය දිනක අපේ ටෙලි නිලියන් කිහිප දෙනෙකුට එල්ල වෙලා තියන චොදනා ගැන කවුරුත් වගේ දන්න නිසා ඒ ගැන අමුතුවෙන් මතක් කරන්නේ නැ. මේ සම්බන්දව විවිද මත අදහස් ඔනැ තරම් ඇති. මන් හෙට පලවෙන්න තියන (2011/07/24) පුවත් පතක මෙ සම්බන්දව ශෙස්ත්‍රයේ අයම කියන කාතා ටිකකුත් දැක්කා. 
ඔශදි හේවාමද්දුම :- හොද අය දිහාත් වැරදි කොණයෙන් බලනවා.

නයනා කුමාරි :- මේ අයගේ අපි ගැරහිමට ලක් වෙන්වා.
අනර්කලි ආකර්ශා :- අහුවුනේ කව්ද කියල නම් ප්‍රසිද්ධ කරන්න.
සෙමිනි ඉද්දමල්ගොඩ:- ජප්‍රියයි -ප්‍රවිනයි කියල කව්ද තිරනය කරන්නේ.
ශ්‍රියානි අමරසේන :- ප්‍රචාරය කරන විදිහේ වරදක් තියනවා
(රසදුන 2011-07-24)

තවද ජනප්‍රිය වෙබ් අඩවියක් වන ගොසිප් ලංකා අඩවියෙන්ද මේ සම්බන්දව ලිපි පලවි තිබුනේ විඩියොත් සමගම.

මෙ නිලියන් කව්ද? 
ඒ අයගේ පවුල් පසුබිම කුමක් ද?
ඒ අය ශේස්ත්‍රෙට අවේ කොහොමද?
මේ අය මේ ගනිකා වෘර්තියට යොමු උනේ ඇයි?
මේ අයට දොස් කියන අය සදාරන පිවිතුරු චරිතවත් අයද?

මේ හැම ප්‍රශ්නේකටම මගේ පිලිතුරනම් මන් දන්නේ නැ. නමුත් මේ හැම ප්‍රශ්නෙකටම පිලිතුරක් තියනවා.
සරලව දෙයක් කියන්න කැමති.
ගනිකාව ... ගනිකාවක් කිවුවාම අපිට මතක් වෙන්නේ තමගේ ඇග විකුනගෙන, එක එක පිරිමින් එක්ක සල්ලි වලට බුදියගන්න ගැනු පිරිසක් ගැන. නමුත් කවුරුත් නිකමටහිතුවද මේ අය මෙහෙම කරන්නේ ඇයි කියල.... සුලුතර පිරිසක ට නම් හොදට සල්ලිත් ලැබෙන අතල් එකත් ලැබෙන මරු ජොබ් එකකි. නමුත් බහුතරයකට එසේ නොවන්නේ කරන්න වෙන දෙයක් නැති මහා අසරන කමකට. ඉතින් මොහොතක් සිතන්න.


මෙක ගොඩක් සංකීර්න මාතෘකාවක්. ගොඩක් ලියන්න බැ. සනිපත් නැ. ඉතින් ඔයාලගේ අදහසුත් එකතු කරන්න ලිපිය සම්පුර්න කරන්න. ස්තුති..

[ Read More ]
Friday, July 15, 2011

දෙයියන්ගේ නාමෙන් කියුබාවට ඇගිලි නොගසනු.. 18+

දැන් කට්ටිය බලයිද දන්නේ නැ මන් 18+ එවා දානවා කියල. අනේ නැ එත් මෙක දාන්න හිතුනේ පට්ට ජොක් එකක් නිසා. මෙ ඔඩියො එකේ හිමි කාරයානම් මන් දන්නේ නැ. යාලුවෙකුගේ ෆොන් එකක තිබිලයි ගත්තේ. එතිතින් මෙකා ගැන කතානම් තියනවා. මොකක් උනත් කමක් නැ .නිසි හිමි කරුවෙක් ඉන්නවානම් අවසරයි.

 
තව එකක් කවුරු හරි කියනවලකො " #@ සයන්න" තියන තැනක්.
[ Read More ]
Monday, June 6, 2011

සාමාජ වෙබ් අඩවි.... (+18 වගේ) ඒත් හැමොම බලන්න.













 මේ ගැන ලියන්න හිතුනේ අද උදේ (2011.06.07) ඒ මා ඉතා හොදින් දන්න තරුනියකගේ දින චර්යාව නිසා. එත් එහේම හිතිලා ටික වෙලාවකින් බුකියට ලොග් උනේ පුරුද්දක් වෙලා තිබුන නිසා. (ජම්මේට වඩා පුරුද්ද ලොකුයි නේ) ආපු ගමන් එක සහොදරයෙක් මට pm කරන්න ගත්තේ එයාගේ ආදරේටත් ආදර වන්තියටත් උන කාතාවකට.  ඉතින් ඒ නිසා මෙක ලියන එක පමා නොකරම ලියන්න හිතුනා. 

කවුරුත් දන්නවා සාමජ වෙබ් අඩවි, සමාජ ජාල අඩවි එහෙමත් නැත්නම් Social network කියනේමොනාටද කියල. දනේනැති අයට ටිකක් කියන්නම්                                                                                                                                                                             

 







තනි තනි පුද්ගලයන් හා කන්ඩායම් ලෙස අන්තර්ජල වෙබ් අඩවි හරහා සැදුම් ලත් අකෘතියක් හෙවත් සංවිධානයක්. එය මකුලු දැලක අකෘතියකට සමානවේ. (පලමු රුපයෙන් සරලාදහසක් ගන්න) සාමජ වෙබ් අඩවි වල හා එහි යන එන අයගේ විවිද අර්මුනු ඇත. අන්‍යෝන්‍ය රැඳියාව, ඥාතිත්වය, මිත්‍රත්වය, පොදු අවශ්‍ය තාවන්, ව්‍යාපාරික අරමුනු හා ලිංගික සම්බන්ධතා.
විකිපිඩියාවෙන් වැඩිවිතර බලන්න.
පරිගනක හා අන්තර් ජාලය පිලිබද දැනුම ගැනත් විමසිම වටිනවා කියල හිතනවා. පරිගනකය අපේ රටේ බහුතරයකට පරිගනක ක්‍රිඩා, සින්දු අහන්න, චිත්‍රපටි බලන්න හා අන්තර් ජාලයට යන්නවා ඇරෙන්න පරිගනකයකින් නිර්මාන ශිලි කාර්යක්ට හො බුද්ධිමය කටයුතු වලට යොදා ගන්නේ කියේන්කි දෙනාද? ඔය කාර්යන්ට වඩා පරිගනකයකින් බොහොදේ කල හැකි බව දන්නේ කිදෙනාද? බොහො දේමාපියන් සොබනේට තම දරුවන්ට පරිගනකයක් ඇරන් දෙන්නේ අල්ලපු ගෙදර එකාටත් computer එකක්තියන්වානේ පොඩීකාට ඔනෙත් නැ ඉතින්, එත් පොඩි එකාට බලෙන් ම ඇගේ ගහනවා . බොහො තරුන තරුනියන්ට නිල් චිත්‍ර පටි බලන්න පරිගනකය කියන්නේ ශොක් බඩ්ඩක්. අන්තර්ජාලය. අපේ අයගේ අලුත්ම දේ තම computer එක සහ internet කියන්නේ. අපේ ගොඩක් අය අන්තර්ජලය කිව්වාම දන්නේ e-mail, සහ අසබ්ය වෙබ් අඩවි. ඒතත්වයෙන් පොඩ්ඩක් මිදිල facebook හා skype කරලියට ඇවිල්ල තියනවා. හිතන්න. අපේ රටේ 50,000/= 60,000/= දිලා පරිගනකයක් අරන් අපි කරනදේ ගැන? පරිගනකයෙන් හා අන්තර්ජාලයෙන් සැබැවටම අප ප්‍රොයොජන ගන්නවාද කියල? 



කාතා කරන්න ගත්ත ප්‍රදාන මාතෘකාව තමා facebook. අද ලංකාවේ විතරක් නෙමේ ලොකෙම මෙක මහ උන්මාදයක් වෙලා. මෙ ලගදි දැක්ක දෙයක් තමා බටහිටහිර රටක අම්මා කෙනෙක් තම නුපන් දරුවා වෙනුවෙනුත් Facebook එකේ ගිනුමක් ඇරල ඇති කතාවක්. මුලස්‍රයනම් මතක නැ. දැනට facebook ක්‍රියකාරි සාමජිකයින් ගනන මිලියන 600කට වඩා වැඩි කියලයි විකිපිඩියාව කියන්නේ. සමහර රටවල්වල මෙක කොච්චර ප්‍රශ්නයක් වෙලාද කිව්වොත් facebook හා අනෙකුත් සාමජ වෙබ් අඩවි තහනමට ලක්වෙලා තියනවා. 

බට හිර රටවල කතා පැත්තකින් තියල සංස්කෘතිය , සාදාචාරය, හැදියාව ගැන කතා කරන අපි ගැන හිතමු. අපි facebook හො වෙනත් සාමජ අඩවි (හොදම සෙට් එක) වෙත යන්නේ ඇයි. කලේ කන්න , විනොදෙට (චැට් ,ගේම්ස් ), කොල්ලො කෙල්ලො හොයන්වා, කෙල්ලො කොල්ලො හොයනවා (sexual relationships) ඔය වගේ දේවල් මුලික වෙනවා. ඔවාගෙන් ඔබ්බට සාමජ සුබසිද්දිය, වි‍යාපාරික කටයුතු, දැනුම හුවමාරු කරගැනිම්, වැනි දෙවල් වලට පාවිච්චි උනත් එය මුලිකම අරමුනු වලින් පාරිබහිරව සිදුවේ. මෙයින් පොදු අරමුනක් හා දැනුම හුවමරු කරගැනිම අරමුඅන කරගත් විශාල සෙවයක් කරන Online හෙල්ප් වැනි group වලින් දැනුම ලබා ගාන්නා අයද බොහොමයක් ඇත. එය එකක් පමනයි.  මෙහි මුලික කරුනු වලදි නව යොවුන් තරුන තරුනියන් විවිද අපචාර වලට ගොදුරු වන්නේ හොද නරක පිලිබදව ඇති නොදැනුවත් කම නිසාය. නමුත් වැඩිහිටි අයද විවිද රැවටිම් හා මුලාවිම් වලට අසුවන්නේ , මෙවැනි කාරනාවන්ට පලපුරුදු සල්ලාලයන් හා දත ගලවන්නන් (මෙයට ගැහැනු පිරිමි බෙදයක් නැ) මෙවැනි කාර්යන්ට සැදි පැහැදි සාමාජ වෙබ් අඩවි වල සැරි සරමින් චාටු වදන් , දුක් ගැනිවිලි එක එක පුද්ගලයන්ට අවෙනික වු ක්‍රම ම්ගින් තමන් සමග අල්ලාප සල්ලාපයේ යෙදේන අයගේ රුචි අරුචි කම් මෙන්ම දුර්වල තැන් මනාව හදුනා ගෙන තමන්ට ඔන ලෙස හසුරවා ගනි. හරියට පරිගනකයක් හැක් කරනා සේ තාමද හැක් වි ඇති බව නොදැනිම වෙනෙකුගේ අවශ්‍ය තාවන් වෙනුවෙන් පෙනිසිටි. අවසානයේ සියල්ල සිදුවි හමාර වන විට එක්කො තාමා සන්තයේ තිබු මුදල් දෙපල අහිමි වෙලා. තරුනියන් අනාත වෙලා. සමහරුන්ට කිසිම දෙයක් හිතාගන්නවත් බැරි විදිහට මනසික ලෙඩ්ඩුවෙලා. එසෙත් නැත්නම් ජිවිතය උනත් අහිමි වෙන්න බැරිකමක් නැ. නමුත් සමහර ගැහැනු හා පිරිමි තමන්ගේ ලිංගික අශ්‍යතාවන් සපුරා ගැනිම සදහා පමනක් සහකරියක් හො සහකරයෙක් සොයා පැමිනෙන්නන්ද ඔනැතරම් සිටි. සම්කිසි සදාචාර මට්ටමක සිට එවැනිදේ අනුමත කල හැකිබවයි මා නම් සිතන්නේ. මක් නිසාද සතුන්ගේන් කමුකම සතා මිනිසා නිසාත් එය මිනිසගේ මුලික අවශ්‍යතා වලින් එකක් හා එයට ප්‍රමුකතාවය දිමට මිනිසා පුරුදු වි ඇතිනිසාත්.

 මෙවැනි දෙවල් වලින් ආරක්ශා විම තාමා සතු කාර්යකි. පුලුවන් තරම් තාමගේ පුද්ගලික තොරතුරු පලකිරිමෙන් හා තමාගේ ජයාරුප පල නොකිරිම හො සගවා තැබිම කල හැකිය. ලැබෙන ලැබෙන හැම request එකම අනුමත නොකිරිම ද කල හැකිය. චාටර් විම හො නොවිම තාමා සතුය. 

මෙය ලියන්න හෙතු උ කාරනාව නම් මගේ මිතුරියක් නිසා. ඇය යම් කිසි හෙතුවක් නිසා කලකිරි සිටි. ඇගේ ජිවන රටාව වි ඇත්තේ දහවල් කලයේ පටන් පාන්දර 3,4 පමන වනතෙක් බුකියේ ගෘප් වල චැට් කිරිම. නැගිටින්නේ දවල් කාලයේ. මා නිවැරදිනම් ඇය දවසම ගෙවන්නේ බුකියේ. කිහිප අවස්තාවකම මා ඇයව දැනුවත් කලේ ඒ කාලය තමන් වෙනුවෙන් තාමගේ අනාගතය වෙනුවෙන් යොදවන්න කියල. මෙහි අවසානය කුමක් වෙවිද? මා මෙය ඇයට පැහැදිලි කලේ මගෙස් ජිවිතේත් එවැනි අත් දැකිමක් නිසා අසම්මත උ පෙම් පටලවිල්ලක් උන නිසා. එයින් මට සිදු උ හොදක් නම් නැ.

අනේක් කාරනය අද දින උදේ සිදුවිම.. අවුරුදු 17ක තරුනියක් සල්ලාලයකු අතින් විනාස උන කතාවක්. මිත්‍රයගේ පවසපු ආකරයට ඔහුගේ පෙම්වතිය බුකියෙන් අදුන ගත් වයසින් වැඩි පුද්ගලයෙකු සමග සම්බන්දයක් ඇතිකරගෙන ඔහුටත් දොස් නගමින් තාමා අර පුද්ගයත් එක්ක සම්බන්දයක් ඇතිකරගෙන තියෙන්නේ. කෙසේ නමුත් ඔහු පවසන අකාරයට සියල්ල සිදු වි හමාරය. මා මෙවැනි ලිපියක් ලියනවායැයි පැවසු විට කිහිප දෙනෙක්ම තමාට සිදුවු අකර තැබ්බ ගැන පැවසුවේ මෙවන් දේවල් කොතරම් සිදුවෙනවාද යන්න පසක් කරමින්. මිට පෙරද කිහිප අවස්තාවක බුකියෙම කිහිප දෙනෙකුට ඔවැනි අකර තැබ්බවලට අහූන අය අනේ මන් මොකද කරන්නේ කියල මගෙන්ම අහල තියනවා. 

මෙවයේ ඇති ගොඩක් profile fake එවා. අනුන්ගේ ජායාරුප. මගේ මිතුරියක් ඉතාලියේ (බුකිය හරහාම අදුන ගත්ත.) ඇයගේ ජයාරුප හැම එකක්ම එන්නේ බුකියට. මන් කිහිප අවස්තාවකම අන්තුරු අගවිම් කලත් ඒ ගැන ගනන් ගත්තේ නැ.  එන හැම request එකක්ම අනුමත කරා. කොහොම හරි ඇයගේ ජායරුප ඇරගෙන ඇගේ නමින් ම වෙනත් profile එකකින් ඇයටම request එකක් දාලා. ඒ එකවුන්ට් එකෙත් සැහෙන පිරිසක් යලුවො හිටියා. එවැනි සිද්දින් වලින් අපහසු තාවයට පත්වන්නේ කව්ද? ගැහැනුන් ලෙස පෙනිසිටින පිරිමින් ගැනුන්ව හොයගෙන එන පිරිමින්ගෙන් දත ගලවනද ඔයවගේ දේවල් පාවිච්චි කරනවා. තවත් බොහො දෙවල් වලට.  
 පහලින් තියෙන්නේ ගොඩ කලෙකට කලින් ආව e-mail එකක්


She posted her pictures on Facebook and look what end up happening to her.


A reminder to those who are on facebook not to give too much of your personal details!!
The girl in the picture posted the nice looking pictures on Facebook and of course she got like a million friend request she accepted all of them. One of the guys started asking her to meet up and I guess to have sex she deny him but since it was Facebook she had put all her info there too so he had her address phone number etc etc so he showed up at her place and then the last 4 pictures tell the story of what happened






  ගුන දොස්, අඩු පඩු ගැන කියන්න . මේ සම්බන්දව හැමොගෙම අදහස් දක්වන්න. එයින් තවත් කෙනෙකු දැනුවත් වෙවි. එය මගේ ගමනටත් ලොකු හයියක් වෙවි....

[ Read More ]
Saturday, May 28, 2011

FB එකෙන් අසම්මතයේ පෙමක් .... 6

FB එකෙන් අසම්මතයේ පෙමක් ....  1 , 2 , 3 , 4 , 5


බෙරුවලට යනකොට 3ට විතර. හොටෙල් එකට දානකොට සෙරම අය ගිහින්. මගේ යලුවෝ දෙන්ත් තව යාලුවෝ කිප දේනෙකුත් හිටියේ මන් එනකන්. ඒ හැමොටමත් කතා කරල අපහු කට්ටියත් එක්ක ගමනට පිටත් උනේ බඩගින්න තිබුනත් කන්න කිසිම ඔමනවක් නැතිව. ඒ අතර තුර අපි විවිද දේවල් ගැන කතා වුනා. මගදි මලයට කන්න අරන් දිලා, යලුවනුත් බස්සල අපි නුවර එන්න පිටත් උනේ 7.30ට විතර ඒ කොට්ටාවෙන්. ගෙදර එනකොට 11.30ට විතර. මහ වැස්ස නිසා එන්න අමාරු උනා. ඒ එනකන් සැරෙන් සැරේ කොල් කරා. විස්තර අහනවා. මට කතා කරන්නේ කුස්සියේ ඉදගෙන. නිදාගන්න කිවුවට අහන්නේත් නැ. ගෙදර ඇවිත් ඇදට වැටුනයින් පස්සේ අද දවස ගෙවුනනේ කියල හිතනකොට...

කාලය ගෙවිල යන්න ගත්තේ අපිටත් නොදැනිම. ලගින් නොහිටියත් අපි හිටියේ හිතින් ගතින් දෙකින්ම ගොඩක් ලන් වෙලා. කැවේ බිවුවේ එකට, නිදාගත්තේ එකට. දවස ගෙවුනේ පැය ගනන් කතා කර කර ඉදල. නිදා ගන්නේ 11 පහු වෙලා. අපි අතර විටින් විට ප්‍රශ්නත් නොතිබුනා නෙමේ. ඒ එයාගේ X නිසා (මන් එහේම කියන්නම්) මට ඔනේ වුනේ නිදහසේ ආදරේ කරන්නයි. එත් එයාට එවට කියන්න හේතු කාරනා ත් තිබුනා.  සමහර හේතු නිසා මන් ගොඩක් එයාට බැන්න. ඒ බැන්නත් බැනල ඇස්වල කදුලු හන්ගගෙන පොඩි අඩියක් ගහල ඇදට එන්නේ මට මොනාද වෙන්න යන්නේ කියන දහසක් ප්‍රශ්න ඔලුවෙ තියාගෙන. මේ දේවල් නිසා මන් ගොඩක් අවුල් උනා. මන් හැම මොහොතකම උත්සහ කරේ මගේ ආදරේ මන් ගාවට ගන්න. එත් එයා එහේම බවක් මට පෙන්න තිබුනේ නැ.  X ගෙන් ඇත් වෙනවයි කිවුවට මට එහේම දෙයක් පෙන්න තිබුනේත් නැ. එයගේ පැත්තෙන් සමහර දෙවල් සදාරනයි. අවු5ක ආදරය මොන හේතුවකට හරි එක පරටම ඇත් කරල දාන්න, ඒ ආදරේ ඇත් කරල මට ආදරේ කරන්න එයාට සාදර හේතුත් තිබුනා. එත් එයා කැමති උනේ නැ X ට දුකක් දිල මට ලන් වෙන්න. හැම දේකටම කාලය ඉල්ලුවා. එත් එකට දේන්න කාලයක් මට තිබුනේ නැ.  මටත් ඔනේ උනේ නැ කගේවත් කුරුලු කුඩුවක් කඩන්න. එත් අපි දේන්නට දෙන්නා ගොඩක් අදරේ කරා. හදවතින් ලන් වෙලා. මන් එයාට ගොඩක් ආදරේ කරා ඒ වගේම තමා එයත් මට ආදරේ කරා ගොඩක්, ඒ ආදරේ මට ගොඩක් දැනුනා. මේ දේවල් නිසා මන් ඇත් වෙන්න හැදුවත් ආදරේ නිසා ඒ දේ කරගන්න බැරි උනා.  දෙසැම්බර් මසේ මැද දවසක එයාට කැම්පස් එකෙන් ලියුම අවා ජනවාරි 11 පටන් ගන්නවා කියල. එක එයා මට කියන කොට ලොකු සතුටක් දැනුනා. හැමදේම අලුතින් පටන් ගන්න. ඒ වෙනකොට මන් අපේ ගේදර අයටත් මෙ ගැන කියලා තිබුනේ. එයා නුවර අවාම මන් ගාව ඉදගෙන කැම්පස් යන්න හමදේම ලැස්ති කරා. එයත් එකට කැමැත්තෙන් හිටියා. එත් X නිසා ප්‍රශ්න අති වෙන එක නැවතුනේ නැ. අන්තිම පාරට එයාව බලන්න යන්න ඔනේ කිවුවා. එකට මන් ගොඩක් විරුද්ද උනා. එයාගෙන් ඇත් වෙන්න ඔනේ නම් ඇයි එයාව හම්බෙන්නේ? බලාපොරොත්තු දෙන්නේ? මෙ දේවල් නිසා මන් ගොඩක් අවුල් උනා. ඒ එයාට මන් අවන්කවම ගොඩක් ආදරේ කරපු නිසා. මොන දේ උනත් ආදරේ දේන්නගෙම වෙනසක් උනේ නැ  හැමදාම දවස් ගනන් කරේ ඒ ආදරේ ලගට ගන්න.  කැම්පස් එන්න කිට්ටු කරල දවස් 2ක් එයා X කතා කරන සිම් එක අයින් කරා. දෙවෙනි දවසෙ රැ එයගේ මල්ලිව හම්බෙන්න කෙනෙක් අවා 2ක් , මන් එයත් එක්ක කතා කර කර හිටියේ. මල්ලි කාමරේට අවිත් ෆොන් එක ඔන් කරනවා කියල ගියා.එයා මත් එක්කම කතා කර කර හිටියා. x අවිල්ලද දන්නේ නැ කියලා එයා කිවුවා. මන් කිවුව එහෙනම් ඔයා කතා කරන්න එත් බලපොරොත්තු දෙන්න නෙමෙ කියාල. මට ඒ අදරේ නැති කරන්න ඔනේ උනෙ නැ.  මට මගේ කෙල්ලව අත අරින්නත් බැ. එත් මන් ගොඩක් දුක් උනා තවත් කොල්ලෙක්  නේද කියලා.  (අනේ මන් දා)

ටික වෙලාවකින් එයා මට අයේ ගත්තා.
එයා කතා කරා බිදුනු හදවතකින් කතාකරපු ඇය මටද කිසි දෙයක් කියන්න ඉතිරි කරේ නැ. මගේ වටේ නිකන් ලොකේ කැරකෙනවා වගෙ හැගිමක් ඇති උනේ මොනා කියන්නද කියල මටත් හිතා ගන්න බැරිව.
ඔයා කෙලින් තිරනයක් ගන්න. කමක් නැ එක ඔයගේ අදරේ ඔයා එයා ගවට යන්න. සමහර විට මට අදරයක් හිමි නැතිව ඇති.
වචන ඔහේ පිට උනා.
මන් තිරනයක් ගන්නම්.. මන් එයා ගවට යනවා. 

මට කියන්න දේයක් හිතා ගන්න බැරුව ගියේ ගොඩක් ඩෙවල් එයා වෙනුවෙන් මගේ හිතේ තිබුන නිසාත්,එය වෙනුවෙන් කරපුදෙවල් ආදරේ එ හැම දේයක්  නිසාම.
ඒ වෙලාවේ ගෙඩර ඉන්න ලොකු අපහසු තවයක් ඇති උනේ මන් දන්නේ නැ. බයිසිකලේ යතුරත්  අරන් එලියට බැහල අවේ හිතා ගන්න බැරිව. නයිට් කඩෙකට ගිහින් ටික වෙලාවක් ඉඩල අවා. ඒ අතර තුර මගේ ෆොන් එකට එය ඩිගටම ගත්තා. මට කියන්න දෙයක් ඉතිරි වෙල තිබුනේ නැ. එක කොල් එකකට ආන්ස්වර් කරා. ගොඩක් වෙලා කතා කරා.මොනා කතා කරද මන් දන්නේත් නැ. මන් හිටියේ මේ ලොකේනම් නෙමේ.

හෙමින් හෙමින් දින ගෙවිලා ගියා. අපි අපිට කතා කරන එක නවත්තන්න බැරිඋනා. එයා නිතරම කිව්වේ නුවර අවාම මන් කොහේ හිටියත් එයා මව බලන්න මව හොයගෙන එනවා කියලා. මට කිසි දෙයක් හිතා ගන්න බැරිව  හිටියා. අ ආදරේ ලග ඉදන් විදින්න මටත් අසාවක් තිබුනා. මාත් අනෙක් අය වගෙම හැගිම් ඇති මිනිහෙක්.

නුවර එන දවස් ලන් උනා. නුවර එන්න දවස් දෙකකට කලින් මෙයා ටිකක් වෙනස් උනා. මට වෙඩ්ඩිය කතා කරේ නැ. ඇදුම් වගයක් ගන්න ඔනේ කියලා ගාල්ලේ  යනවා කිවා මොනවා උනාද මන් දන්නේ නැ. එත් මට කතා කරේ නම් නැ. හැන්දැවේ මට කතා කරා. මන් බැන්න.
[ Read More ]
Wednesday, May 25, 2011

වටිනා කියන දෙයක්..

මෙක දාමිද නොදාමිද කියල හිතල අයෙත් ඔන මගුලක් කියලා දාන්න හිතුනා. මොකද මේකේ හිමිකාරිත්වය පිලිබද ගැටලු එන්න පුලුවන් නිසා. ඔන්න මෙක මගේ නම් නෙමේ. මෙක මට ලබුනේ අලුත් වැඩියාවක් සාදහා ආපු පරිගනයක තිබිල. එ පරිගණකේ අයිති කාරයා කව්ද කියන්න මන් දන්නෙත් නැ. දවසකට කියක් නම් එනවද? එන එවා එන්නෙත් නම් ගම් ඇතිව නෙමේ.  කස්ටමර් කම් එකකින්. එවත් මට අදාල නැ. කොහොම හරි හොර කමකට නම් නෙමේ කටත් වැදගත් වේවි කියල හිතුන එක නිසා ලැබුන දේ තනියම කන්නේ නැතිව ඔනේ අයට දෙන්න හිතුන.
මොනා ද දන්නවාද? ලංකාවේ පරන ජායාරුප එකතුවක් පට්ට අරගෙන බලන්න.

1. 1890 Ceylon Architecture ඔක්කොම මෙතනින්













2. 1890 Ceylon Kandy ඔක්කොම මෙතනින්















3. 1890 Ceylon Landscape ඔක්කොම මෙතනින්
















5. 1890 Ceylon maps ඔක්කොම මෙතනින්
















6. 1890 Ceylon Nature ඔක්කොම මෙතනින්
















7. 1890 Ceylon Occupation  ඔක්කොම මෙතනින්

















8. 1890 Ceylon People ඔක්කොම මෙතනින්















9. 1890 Ceylon Post cards ඔක්කොම මෙතනින්



















10. 1890 Ceylon Ruins ඔක්කොම මෙතනින්

















11. 1890 Ceylon Transport ඔක්කොම මෙතනින්

[ Read More ]
Thursday, May 19, 2011

ඉලංදාරියා ගේ අවසන් සටහන....

උපුට ගැනිම ඉලන්දාරියා බ්ලොග් අවකාශයෙන්..

බොහෝ කාලයකට පසුව ජිවිතේ සොදුරු නිමේශයන් කිහිපයකින් ඊයේ දවස ගෙවි ගියේ මතක පොතේ කිසිදා නොමියෙන මතකයන් ගොන්නක් ඉතිරි කරමින්.සොදුරු සිත් ඈති මිනිසුන් ගොන්නක් මෑද කාලය ගෙවීගියේ නොසිතුවාටත් වඩා වේගයෙන්.එවෑනි සොදුරු නිමේෂයන් ගොන්නක් මගේ ජිවිතයට අරෙගෙන ආ සයිබ්ර් අවුරුදු උලලේ සංවිධායක වරුන් සියලු දේනාටම මගේ හෘදයාන්ගම ස්තුතිය.
ජිවිතේ කියන්නේ නොසිතු නොපෑතු අවස්ථාවන් සිද්ධි සමුදායකයන්ගේ එකතුවක් වගේ.මගේ ජිවිතය දිහා බලද්දි ඒක හරියටම් හරි.ගෙවී ගිය කාලය පුරාවට ජිවිතයට එකතු වුන සියලු සිද්ධීන් ඒ කරුන සනාථ කරනවා.මේක තමයි ජිවිතේ නේද..? ජිවිතය මෙසේ ගෙවීයමින් තිබියදී මේ ලගදි මට රෝග විනිශ්චය සදහා MRI ස්කෑන් පරික්ශණයක් සදහා පෙනි සිටින්න උනා.ඒ පරික්ශණයේ ප්‍රතිපල අනුව මට කර්නශන්ක බද්දය කිරිමේ හැකියාව ඈති බවත් එය සාර්ථක විය හෑකිබවත් ​​​වෛද්‍ය වරුන්ගේ මතයයි. ඒවගේම ඒම පරික්ශණයෙන් මෙතෙක් කල් මම නොදෑන සිටි නොපෑතු තවත් රෝගී තත්වයක් සොයාගනු ලෑබුවා.ඒ පිළිබද රෝගවිනිශ්චය කිරිම සදහා ස්නායු ශල්‍ය ‍වෛද්‍යවරුන් වෙත මාව යොමුකලා..
MRI ස්කෑන් පරික්ශණයට අනුව මගේ මොලයේ මෑද කුඩා ගෙඩියක් ඈති බව සොයා ගත්තා .ඒ පිළිබදව තව අධ්‍යනය කිරිම සදහා ස්නායු සායනය වෙත යොමු කෙරුනා.. එහිදී ‍වෛද්‍යවරුන් ගේ මතය උනේ මෙම ගෙඩිය පුපුරා ගියොත් ඈතිවිය හෑකි අවස්තාව පිළිබද නිශ්ච්ත නිගමනයකට එලබිය නොහෑකි බෑවින් ඉතාම කඩිනමින් මෙම ගෙඩිය ශල්‍ය කර්මයක් කර ඉවත් කලයුතු බවට තිරණය උනා.
මෙම සතියේ සදුදා දිනය මම නෑවත ස්නායු සායනයට ගිය මොහොතේ වෛද්‍යවරුන්ගේ මතය උනේ මෙම මස 03 වෙනිදා මෙම ශල්‍ය කර්මය සදහා දින ලබාදිය හෑකිබවත් ඉතාම කඩිනමින් මෙම ශල්‍ය කර්මය කලයුතු බවත්ය. 03 වෙනිදා වු ඉයේ දිනයේ  සයිබර් සැණකෙලි‍ය යෙදී තිබුණ බෑවින් ඔබලාව හමුවිමට පෑමිණිය යුතුමයි කියා මම විසින් තිරණය කල බෑවින් බොහොම අමාරුවෙන් දිනයේ පොඩි වෙනසක් කිරීමට මට හෑකියාව ලෑබුනා. එසේ හෙයින් මම හෙට දිනයේ මහනුවර රොහලේ නේවාසිකව ප්‍රතිකාර ගෑනිම සදහා යායුතුය.... හෙට හෝ අනිද්දා මගේ ශල්‍ය කර්මය සිදු කරනු ඈත.තව සුලු මොහොතකින් කොන්ඩය තට්ටේ ගාන්නට යායුතුය.:) ඊයේ මට හමුවු සියලුම දෙනා මේ බව මම ඊයේ දිනයේදී නොපෑවසුව නිසා තරහානොවන්න.....

මගේ අසනීපය පිලිබදව දෑන ගත් මොහොතේ පටන් අද දක්වාම මා අත නොහෑර නිබද සෙවනෑල්ලක් සේ මගේ ලගින් රෑදි සිටිමින් නිබදව මට ශක්තියක් වු මගේම සොයුරනේ සොයුරියනේ.. ඔබ සියලුදේනා මම වෙනුවෙන කෑපවෙමින් ඔබේ වටිනා කාලය මම වෙනුවෙන් මිඩන්ගු කරමින්... මම වෙනුවෙන් කල කී බොහෝ දේට ස්තුතියි... 
                                          ගොඩක් පිං
 
ගොඩක් දුකයි සහොදරයා... ඔබට නිවන් සුව..
[ Read More ]
Wednesday, May 11, 2011

මගේ ආදරය හා ජීවිතය.... 1.


පිස්සු පුසා ගැන යමක්..


      මේ ලිපිය අවසානයත් එක්ක පිස්සු පුසාගේ සයිබර් ලොකයත් අවසන් වේවි. මුනු පොතත් එක්කම.
රත්තරන් මන් ඔයාට තමාත් ගොඩක් අදරේයි ඔයා මගේ ගැනි නිසා. මුලු ජිවිත කලෙම ගොඩක් ආදරේන් එකම  උනුහුමක් එක්ක ජිවත් වෙන්න හීන මවපු  මට  මුනදෙන්න උනේ හිනාවට වඩා කදුලටයි. ආදරේ උනුහුමට වඩා තනිකමටයි.

     මේක මගේ ජිවිත කතාව වෙවි. ඊට කලින් කවුරු හරි මෙක කියවනවානම් යමක් එකතු කරන්න කැමති. මෙවගේ තැනක මෙවගේ කතාවක් මේ විදිහට ලියන්න මුට පිස්සුද කියල. සමහර විට එහෙම වෙන්න ඇති. මන් ගොඩක් විවෘර්ත මිනිහිහෙක් බොරු නමකින් පෙනි හිටියත් මන් ගැන පෞද්ගලිකව හා මා කවුදැයි යන්න දන්න අය මේ සයිබරයේ ඔනැ තරම්. [මුනුපොතේ (පිස්සු පුසා) මගේ පුද්ගලික තොරතුරු අඩංගු සිරා ප්‍රොෆයිල් එකේ විස්තර ඇති.] ප්‍රසිද්ධ චරිත ගැන ඔනැතරම් ඒ අයගේ චරිතාපදාන ගැන තියෙන්නේ. එත් පිස්සු පුසනම් එහෙම චරිතයක් නෙමේ සයිබරෙත් ඉන්නේ සුලු පිරිසක්. පිස්සු පුසට වැඩිය  නැදැ, හිත මිතුරොත්  නැ.  බුකියෙත්, මැත කාලයේ බ්ලොග් එකෙත් චාටර් උනේ ජිවිතයට හිමිට ලන් උන තනිකමත, පලුවත්, හදවතේ තිබුන දේ හිරකරගෙන ඉන්නවාට වඩා කාට හරි කියන්නත් එක්ක. ඒ අතරින් වචනෙකින් හරි උදවු කරපු  අය ගොඩක් ඉන්නවා. ඒ කිසිම දෙයක් නැති වෙලාවල් වලට පිටු ගනන් පිරෙන්න හදවතේ දුක ලියවුවෙ කියන්න කෙනෙක් නැති නිසා. ඒ හැමදේමත් ලියන්න තමා හිතගෙන ඉන්නේ. මේ මගේ ජිවිතේ, පිස්සු පුසගේ හිතට දැනුන දේවල්....... හිනා වෙන්න එපා.  ගොඩක් අඩු පාඩු නම් තියේවි.
මන් ඉපදුනේ 1982.03.13  එදා ඉදන් ජිවිතේ මතක තියෙන විදිහට උන සිදුවීම් හැකි තරම් කෙටියෙන් කියන්නම්. අම්මි, අප්පච්චි, අක්කි , නංගි තාමා මගේ පවුලේ උදවිය. අප්පච්චි එයා  රැකියාවල් කිහිපයක් කරා. දන්න කලේ ඉදන් රජයේ ප්රදාන පෙලේ ගොවිපලක පිලිගත් රැකියවක නිරත වුයෙක්. බොහො විනොද කාමි පුද්ගලයෙකු උන ඔහු නිතරම සාද හා එකල ලංකවාට ගොවිපල වල පුහුණු විම සදහා (අද කෘශිකර්මාන්ත අතින් ගොඩක් දියුනු රටකි ) නෙදර්ලන්ත ජාතිකයින් සමග විනොදයෙන් කාලය ගෙවුයේකි. අපි ජිවත් වුනේ ලැබි තිබු නිල නිවාස වලය. බොහො අවස්තාවල රැකියා මාරු විමත් සමග අපිටද මැරුවෙන්නට සිදුවිය. අපි ගොඩාක් කුඩා කලය. බොහො විට අපි හැදු වැඩුනේ සෙවකයින්ගේ අත්වලය..  පසුව  රැකියා කිහිපයක් කර විස්‍රාම ගියේ පොල්වගා කිරිමේ මන්ඩලයේ සෙවකයකු ලෙසයි. අම්මි එයා වැඩ කරේ මහනුවර කච්චේරියේ ගිනුම් ලිපිකරිනියක් ලෙසයි. දෙන්න තුන්දේනා හතරදෙනා වෙනකොට අම්මිගේ අකමැත්ත මත ඇයට රැකියාවට සමුදේන්න වුනේ අප්පච්චිගේ  බලකිරිම මතයඅක්කි එයා මගේ අම්ම වගේනංගි උසස්පෙල කරනවා. ඔය තාම මගේ පවුලේ විස්තර.

     පාසල් කාලය එකනම් ඉතින් වැඩක් නැ. පෙරපසල් යන්න උනේ නැ . හිටියෙ ගොඩක් වතු වල නිසා තිබුන ඒවට යවල නැ. කෙලින්ම ඉස්කොලේට එකත් පිලිගත් ගමේ පාසලක්එතනින් 3වසරේදි මහනුවර ප්රදාන පෙලේ පිරිමි විද්යාලයකට ඇතුලත් වුනා. වෙනකොටත් එතරම් සාමජ ගත විමක් නොතිබුන මට තොරාගත් මිත්රයින් පිරිසක සිමා උනා. 6වසර වන විට සිදුවු පදින්චියේ වෙනසක් නිසා සම වයස් වල මිතුරන් මොහොමයක් අසුරු කරන්නත් අයත් එක්ක සාමජ ගත වෙන්නත් අවස්තාව ලැබුනේ සමාජය ගැන එතරම් අවබොදයක් නොතිබුන අවදියකය. නොදැනුවත් කම නිසා විවිද අවස්තාවලිදි බොහො අපහසු තවයන් මුන දෙන්න වුනත් එවැනි අවස්තා වලදි මොලේ ටිකක් පවිච්චි කරගන හැකියාව නම් තිබ්බා. ඒ ජිවිතේ ඇරබෙන්නේ මගෙ ළාමා කාලයේ සුන්දර අත් දැකිම් ගොඩක් ජිවිතයට එකතු වෙමින්.
[ Read More ]
Tuesday, May 10, 2011

ජිවිතේ....

මට ජිවත් වෙන්න ඔනේ...
එත් ඒ කොහොමද?
ජිවිතේ ජය ගන්න ඔනේ..
එත් ජය මාවත කොහෙද?
හිනා වෙන්න ඔනේ..
එත් හදවතේ දුක හන්ගන්නේ කොහොමද?
මගේ අදරේ ඔනේ..
එත් මාව දාලා ගිය ආදරේ හොයගන්නේ කොහොමද?
[ Read More ]
Sunday, May 1, 2011

2600 සම්බුද්ධ ජයන්තිය විකුනගේන කෑම..

මෙ ලිපිය සමබන්දව මොන වගේ ප්‍රතිචාර මට ලැබේයිද කියන්න මන් දන්නේ නැ. මොකද අද බෞද්ධයන් මුලා වෙලා, අදුරේ අත පත ගාන  පිරිසකුයි වැඩි හරියක් ඉන්නේ මේ මගේ අදහස්. ඔන කෙනෙක් ට ඔනේ දෙයක් කියන්න පුලුවන්. වැරදිත් ඇති.

අපිට 2600 විතරද සම්බුද්ධ ජයන්තිය 2599 සම්බුද්ධ ජයන්තියක් නෙමේ ද? 2600 ටිකක් විෂේශයි රවුම් ගානක් නේ. අනෙක් එවා මාර්කට් කරන්න අමරුයි නේ.  ඒවත් නොකරනවා නේමේ එත් රවුම් ගානේන් හොදට කපන්න පුලුවන්. 2600 සම්බුද්ධ ජයන්තිය විවිද තේමා පාටයන් මුල් කරගෙන හොදට මර්කට් කරගෙන යනවා. අපිත් සදු නාද දීගේන මෙවට සම්බන්ද වෙනවා. (මන් නම් තාම ඔය එකකටවත් සම්බන්ද වෙලා නැ. බලා පොරොත්තුවකුත් නැ. ) අපිට පෙනෙන හා නොපෙනේන පැති දෙකක්. 
1. මහා පරිමනේ බෞද්ධ වැඩසටහන් හා විවිද ඉදිකිරිම්
ඉහත කරනා මුල් කරගෙන විශාල වශයෙන් ජනතාව පෙල ගස්සවමින් බැංකු ගිනුම් හා විවිද අදාර ක්‍රම මුල් කරගෙන ඒවා ක්‍රියාත්මක කිරිම. මේවාට මුදල් එකතු වන්නේ මහා විශාල වශයේන්. ජනතාව මෙවාට ආදාර කරන්නේත් හද පිරි බක්තියෙනි, ශද්ධාවෙනි.  (අයි මේ තියෙන තැනටම මිනිස්සු එකතුවෙන්නේ. දහසක් අපහසුකම් මැද සිල්වත් කමින් ගුනවත් කමින් පිරුනු බන බාවන්න කරමින් ඉන්න අපේ ස්වමින් වහන්සේලා , හරියට ඉන්න කුටියක් නැතිව වැස්සට තෙමෙන තැන් වලට හට්ටි මුට්ටි තියගෙන දුක් විදින හමුදුරුවරු කොච්චර මෙ රටේ ඉන්නවද? අපේ මිනිස්සු මේ යන්නේ රැල්ලට නෙමේ ද?)
2. නොපෙනේන ක්‍රියාවන්
ඉහත සදන් (1) කරුනෙදි කරුනු ක්‍රියාවන් ඉතිරි වන දනස්කන්දයට කුමක් සිදුවෙද? බොහො විට එය ගිහියන් හොයන්නේ නැ. පිනට දිපු දේ නේ.

මෙ සම්බන්දව මගේ මිතුරෙකුගේ අඩවියකට දිර්ග ලිපියක් ලිවිමට බල පොරොත්තුවෙන් ඉන්නේ. ආදල නැති උනත් මෙකටම මන් යමක් එකතු කරන්නම්.
අපේ ගරුතර ස්වාමීන් වහන්සේ නමක් උන සොම හිමිපනන් අපේ රටට,  බුද්ධාගමට මහත් සේවයක් කරා උන් වහන්සේ බෞදධයන් තුල අගමික පුනර්ජිවයක් අති කරා. ජතියේ අවසනාවකට උන්වහසේ අපිට අහිමි උනා. උන් වහන්සේට පින්සිද්ද වෙනන සිවුරු පොරවගත්ත කට ඇති පිරිසක් මාද්යට අවේ කාලින දර්මදෙශනා නමින් ශොක් අලුත් සංස්කෘතියක් හදාගෙන කරලියට අවේ නියම කලෙකදි.  සොම හිමිගේ අඩුව හොයන්න ගිහි ජනයාත් මෙවත් එක්ක එකතු උනා. ඒ වගෙම බාහිරින් පෙනේන දෙට. ඒ අතර හොද ස්වාමින් වහන්සේලා නැතුවම නොවේ. 

2600  සම්බුද්ධ ජයන්තිය  බෞද්ධ අපිම එදාට කොච්චර බුද්දාගමත් බුදුරුවටත් හනියක් කරයිද? සුදියකගේ ජන්ගියේ තිබුනු , බනිගෙඩියේ, සපත්තුවේ  ඔය තැන් තැන් වල බුදු රුව තිබනා කියලා අපෙ උන් කොච්චර කැ ගැහුවද? එහෙම කරපු උන් දැනගෙන හිටියනම් අපිම කොචර නිගරු කරනවද කියල බුදු රුවට, උන් හිනාවෙන්නේ ...... එක්ක. මේ බුද්ධ ජයන්තිය මුල් කරගෙන 1. බුදුපිලිම වහන්සෙලා කොච්චර හදයිද? 2. පත්තර , සගරා, පොස්ටර්, වෙසක් කාර්ඩ්, කොඩි ඔය කියක් දේවල් වල බුදුරුව තියේයි ද? අවසනේ මොනවද මෙවට වෙන්නෙ? 1. පිලිම වහන්සෙලා හව් හරනක් නොමැතිව අව්වට වෙලෙනවා, වැස්සට තෙමෙනවා, සමහර එවා සත්තුන්ට නිවාස.  2. පත්තර , සගරා, පොස්ටර් ඔවට මොනාද වෙන්නේ කුනු ගොඩවල් වල, සමහර එවා බත් ඔතාගෙන යනවා. හිතල බලන්න.. මෙවා මේ වා මර්කටින්.

මේ ගැන මෙතන ගොඩක් කතා කරන්න නම් බලා පොරොත්තුවක් නැ. මොහොමඩ් ලා හිනා උනේ ඔවට අපිට.


සීල වන්තං, ගුණවන්තං
පුඤංවෙත්තං අනුත්තරං
දුර්ලබෙන මයාලද්දං
බුද්ධ පුත්තං නමා මහං


කියලා දොහොත් මුදුන් තියලා වදින්න පුලුවන් සවාමින් වහන්සෙලා ඔබ වහන්සෙලාට පින්.....

මේ හා සමගාමි තවත් ලිපියක්



[ Read More ]
Friday, April 22, 2011

2012.12.21 අවසානය ද?

2012 දෙසැම්බර් 21 සිදුවෙනවයි ඉමහත් කතා බහට ලක් වෙන අන්දොලනාත්මක මතෘකාවක් වන ලොක විනාසය ගැන ලියන්න ඔනේ කියලා බොහො කලයක් ඉදන් හිතේ තියන් හිටියත් එ දේ විවිද හෙතුන් නිසා මග ඇරුන, ඉතින් මෙ සම්බන්දව විවිද මත, අදහස් අතර මේ මට දැනුන, හිතුන,  එකතු කරගත්තු කරුනු ත්, තමා මේ. මෙ සම්බන්දව ඔබටද යම් අදහසක් තිබෙන්නට පුලුවන්. එයද මෙයට එකතු කරන්න..

2012 දි මෙ ඇති වනවාය කියන ලොක විනාසය ලෝක විනාසයක්මද? එහෙම නැතිනම් පෘතුවිය මත පවතින ජීවයට මහත් බලපැමක් අති කරමින් සිදුවන විනාසයක් ද?  දැනට පවතින කරුනු මත පහදිලිව පෙනේන්නට තිබෙන්නේ මෙය පුර්න වශයෙන් සිදුවන ලොක විනාසයක් නොවන බවත්, පෘතුවිය මත පවතින ජීවයට මහත් බලපැමක් අති කරමින් සිදුවන මහා විනාසයක් බවයි. මෙම විනාසය විවිදා කරයෙන් සිදුවන බව විවිද පුද්ගලයන්ගෙ මතයයි. මේන් අන්දොලනාත්මක කරුන නම් ක්‍රි.පු 2000 දි පමන දකුනු මෙක්සිකොවේ ජිවත් වු ගණිතය, විද්‍යාව හා තාරකා විද්‍යාව ගැන  දියුනු දැනුමක් සහිත 2012.12.21 දිනේන් ලෝකයේ අවසානය සනිටුහන් කරමින් දින දර්ශනයක් නිර්මානය කල මායා වරුන්ගේ අනා වැකියයි. තවද පිට සක්වල ජිවින් ගේ ආක්‍රමනයක් නිසා මහා විනාසයක් සිදුවන බව තව මතයක්. ඊට අමතරව විශාල උල්කාපාතයක් කඩා වැටිමෙන් මෙ විනාසාය සිදුවන බව තව මතයක්. මේයින් අවසාන මත දෙක සම්බන්දව  හරි හැටි නොදන්නවා සේම ඒ පිලිබදව ඒ තරම් විස්වසයක් ද නැ. නමුත් උල්කවක් සම්බන්දවද මයා වරුන්ගේ අනවැකිය සමග සිදුවිමටද නොහැක්කක් නොවේ. මයා වරුන්ගේ අනා වැකිය සම්බන්දයෙන් මා තුල ඇත්තේ ලොකු විස්වාසයකි.  ඒ පිලිබදවනම් දැන ගැනිමට හැකි වන්නේ 2012.12.21 ම තමා. ඒ කෙසේ වෙතත් මෙම අනා වැකි සම්බන්දයෙන් සිනමා කෘති පවා නිපදවි අති අතර අනෙක් සිනාමා කෘති වලට වඩා අදායමක් හා ජනප්‍රිය තාවයක් ද ලබා ඇත. ඒ වගේම විවිද වෙබ් අඩවි, මාද්‍ය මගින් මෙ සම්බන්දව විශාල වශයෙන් කතා බහට ලක් කොට ඇත. එ සම්බන්දව උපුටා ගන්නා ලද වීඩියෝ, වෙබ් අඩවි, ශ්‍රි ලංකා වේ  මාද්‍ය මගින් ඉදිරිපත් කරනු ලැබු කරුනු අදස් අවසනයේ එක් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව බොහො සෙවුම් යන්ත්‍ර හරහා සොයා බලා ද කරුනු කරනා ඔනෑ තරම් සොය ගැනිමට හැකිය. 

මයා වරුන්  සම්බන්දව විවිද අදහස් හා මත ද බොහොමයක් ඇත. මයා වරුන්ගේ මේ දැනුම පිට සක්වල ජිවින් ගෙන් ලැබුන බවට ද අදහස් ඇත. මයා වරුන්ගේ පිරමිඩ වල හා තාරකා විද්‍යාව සම්බන්ද කොට ඔව්න් නිර්මය කර අති දින දර්ශනයේ සන්කේත, රුපසටහන් හා එම නිර්මාන සැලකිල්ලට ගෙන එම දැනුම සක්වල ජිවින්ගෙන් ලබුන බවට හා ඔවුන් ඇදැහු බවට විස්වාස කරයි.   තවද ජිප්තුවේ පිරමිඩ හා නිර්මාන සම්බන්දවද මේ හා සාමන අදහස් ප්‍රකාශ වි තිබේ. මොවුන්ගේ නිර්මන හා දැනුම සම්බන්දයෙන් ද විශාල වශයෙන් කතා කිරිමට හැකි වුවත් ඒ සම්බන්දවද දැනුම එකතු කර කතා කිරිමට ඔබට බරයි.

2012 12 21 දින අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ අසාමාන්‍ය පිහිටිම නිසා සිදුවන භුගොලිය වෙනස්කම් නිසා මහා විනාසයක් සිදුවන බවයි. එම පිහිටිම මිට අවුරුදු ගනනකට කලින් සිදුවිමට පටන් ගෙන අති අතර අද මේ පවතින කාලගුන විපර්යාසයන් හා භුගොලිය වශයෙන් යම් යම් ක්‍රියකරකම් එහි ප්‍රති පල බවයි මගේ විස්වාසයනම්. එම වෙනස්කම් සිදු වන්නට පටන් ගත්තේ අද ඊයෙක නොවේ. මේ අවසන් අවුරුදු ගනනක් දෙස හොදින්  බලුවොත් භුගොලිය වශයෙන් හා කාලගුනික විපර්යාසයන් කොතරම් වෙනස්කම් හා විනාශයන් සිදුවි ඇත් ද?..    එයින් කිපයක් දෙස බලුවොත් .
භුමිකම්පා විශාල වශයෙන් ඇති විම, ගිනි කදු පිපිරිම හා අවදානම් තත්ව ඇතිවිම, සුලි සුලන්, අසාමන්‍ය ලෙස වැසි, මිහිකත උනුසුම් විම, විවිද ස්තාන වලදි පොලොව මතු පිටට උනු ජලය , දුමාරය පිට වීම් ආදිය ගැන අසන්නට දකින්නට ඇද් ද? මේ දෙවල් මිනිසගේ ක්‍රියා නිසා සිදුවන්නේ යැයි ද අපට කිව හැකිය. නමුත් යම් යම් හේතු කරනා දෙස හොදින් බැලුවොත් එයට වඩා දෙයක් සිදුවිමට පටන් ගෙන ඇති බව විශ්වාස කල හැකිය.

ඉදිරියෙදි ද මේ ගැන ලියන්න හිතනවා. පහලින් තියෙන්නේ උපුටාත් කරුනු. තව ටිකක් තියෙන්වා එවා පස්සේ දෙන්නම්..

මායාවරුන් ගැන...

Mayan Calendar 

 









විවිද මත අදහස්.. VDO

[ Read More ]
Tuesday, April 5, 2011

සිහින බක් මහා උලෙල....

අපේ සිහින බක් මහා උලෙල අනේ අපොයි මට ඒක මග ඇරුනා. ගොඩක් ඔමනාව තිබුන එන්න එත් බැරි උනා. මන් බ්ලොග් ලියන්න පටන් අරන් වැඩි කාලයක් නැ. එත් මේ හැමොම අදුරගන්න ලොකු ඔමනාවක් තිබ්බා. හැමොමත් එක්ක විනොද වෙන්න, ඒ වගේම සහොදර බ්ලොග් කරුවෙක් වෙන ඉලන්දාරියා සහො වෙනුවෙන් කරන්න බැරි උන යමක් කරන්න.

මොන දේ උනත් සිහින බක් මහා උලෙල ගොඩක් සාර්තකව  වෙලා තියෙන බවනම් ෆොටො  වලින් දැක්කා. යන්න බැරි උන එකට කනගාටුයි. එත් මෙ වගේ දේ කදි අනාගතේ සහබගි වෙන්න බලනවා. හැමොම වෙනුවෙන් මෙවන් දේයක් සන්විදානය කරපු සහොලට ස්තුති. එවගේම ඉලන්දාරියා සහො වෙනුවෙන් කරපු සත්කර්ය වෙනුවෙනුත්..

හැමොටම ජය ශ්‍රි...
[ Read More ]
 
 

Blog Archive

About Me

My photo
මොනවාකියන්නද හිතාගන්න බැ. බොහොම සරල කෙනෙක්. බුකියේ මෙ මන් http://facebook.com/pissupusa G+ වල මන් https://plus.google.com/108639370171940303617/posts