#Post Title #Post Title #Post Title
Wednesday, April 10, 2013

පිස්සු පුසා ගැන.. පිස්සු පුසාගේ බ්ලොග් එක ගැන...

පැහැදිලිවම මේ හැමදේම ලියන්න කලින් දෙයක් කියන්නම් පිස්සු පුසා කියන්නේ සිංහල භාෂා විශාරදයෙක් නෙමේ. ඒක නිසා  මං ලියන ඔනම තැනක වැරදි ගොඩක් තියෙන්න පුලුවන්.  එත් කියවගන්න පුලුවන් වෙවි කියල හිතනවා..

මේ බ්ලොග් එක පටන් ගෙන සැහෙන කාලයක් උනාට ලියපු ලිපි නම් ගොඩක් අඩුයි. මෙක පටන් ගත්තේ මගේ ජිවිතේ සිදූන එක්තාරා සිදුවීමක් නිසා. ඒ කතාවට ගොඩක් ප්‍රතිචාරත් ලැබුනා. ඊට පස්සේ මොහොමඩ් බ්ලොග් එක නිසා එක එක විදිහේ දේවල් ගැන ලිව්වා. ඒ ලැබුන කමෙන්ට් නිසා හිතට ලොකු ෆිට් එකක් තිබ්බ ලියන්න .. ඒත් කවදාවත් කමෙන්ට් නිසා ලිව්වේ නැ . අදට ලියන්නෙත් නැ, හෙටට ලියන්නේත් නැ. කමෙන්ට් කිරිම හො බ්ලොග් එක ෆලෝ කිරිම ඔබේ කැමැත්ත. 

සමහර සහොදර සහොදරියන්ගේ අදහස් හා අවවාද සමහර අවස්තාවලදි ජිවිතේට වගේම බ්ලොග් එකටත් ලොකු හයියක් උනා ඒ හැමොටම ගොඩක් පින්.  නම් වශයෙන් දැන් මතක නැ වෙලාවක කමෙන්ට් හොයල ඒ අයගේ කමෙන්ට් එක්කම මේ ලිපිය අප්ඩෙට් කරන්නම්. ඒ මේ බ්ලොග් එක ගැන..

මේ පිස්සු පුසා ගැන
…මට අවුරුදු 31ක් එත් 31ක් වගේම නෙමේ. 2006ට කලින් මගේ ජිවිතේ තිබ්බ සොදුරුම කාලය ඒ මීට අවුරුදු 7කට කලින්. 2006න් පස්සෙ ජිවිතේ අදුරුම කාලයට මුන දෙන්න උනා තාමත් ඒ අදුරු කාලයේ ජිවත්වෙනවා ඒ වුරුදු 7 දි සොදුරු දෙවල් වගෙම ජිවිතේ වෙනස් වෙන්න හොද දේවල් සිදු නොඋනාම නෙමේ. හෙට ගැන බලාපොරොත්තුවක් දැන් නැති තරම්. මේ දේවල් කියන්නේ 2013.04.10 මන් දන්නේ නැ හෙට දවසේ මගේ ජිවිතේ අදුර නිමා වෙලා පහන් ආලොකෙන් බැබලේවිද කියල,  එත් එහෙම වෙන්න තියන ඉඩ කඩ නම් බොහොම සීමිතයි.

…අනික් දේ තමා මං සිංහල බෞද්ධයෙක්. එත් මතක තියාගන්න මං බෞද්ධයෙක් උනාට කෘතක්ජනයෙක් . අද්‍යාත්මිකව මං දියුණු වෙලා නැ. එත් මට මගේ රට ජාතිය ආගම ගැන කැක්කුමක් තියනවා. සමහර ලියපු ලිපි වලට ගොඩක් දෝෂාරොපන  ආවා. සමහර කමෙන්ට් දුකට ඩිලිට් කරා.  
අන්තිමට ...
…මේ බ්ලොග් එකේ මේ ලොකේ , සාමාජය ගැන හැමදේම ගැන මං දකින විදිහ ලියයි..
…කාට හරි ප්‍රයොජනයක් වෙන්න පුලුවන් දෙයක් දෙන්න උත්සහ කරයි..
…මගේ ජිවිතය ගැන මං ලියයි.. ජිවිතේ අර පහන් ආලොකයේන් අලෝක නොඋනොත් ගොඩක් දේවල් සිදුවේවි .. එදාට මේ බ්ලොග් එක බලපු අය සමහර විට මට සාපනොකරාවි..  

මාත් එක්ක හිටපු හැමොටම ගොඩක් ස්තුති.. ඒ වගේම පින්.
…මේ ලිපිය අප්ඩෙට් වෙවි. මං ගැන බ්ලොග් එක ගැන මොනා හරි  මග ඇරිලනම් කියන්න.


FB profile




[ Read More ]
 
 

About Me

My photo
මොනවාකියන්නද හිතාගන්න බැ. බොහොම සරල කෙනෙක්. බුකියේ මෙ මන් http://facebook.com/pissupusa G+ වල මන් https://plus.google.com/108639370171940303617/posts