#Post Title #Post Title #Post Title
Monday, February 10, 2014

යලුවනේ උදව්වක් ඔනේ....

මට ආයේ බ්ලොග් එක ලියන්න ඔනේ. ඒකට ඔයාලගේ උදව් ඔනේ. ඉස්සර මෙක ලියද්දි ලොකු සතුටක් තිබ්බ. ඒ බුකියෙත් .. බ්ලොග් ලියන යාලුවොත් නිසා. එත් කාලයක් එක්ක ජිවිතේ ගොඩක් දේවල් වලට මුන දෙන්න උනා. සමහර අය කියපු දේවල් ජිවිතේ ශක්තියක් උනා. මට එහෙම පිරිසක් ආයෙත් ඔනේ. ඒ හොද මිනිස්සු හොද යලුවො මට දැන් කවුරුත් නැ. ජිවිතේ ගොඩක් හුදකල වෙලා. මන් බුකියේවත් මගේ බ්ලොග් එකේවත් මට අඩන්න ඔනේ නැ. එත් මගේ දේවල් කියන්න කෙනෙකුත් නැ. මට මගේ බ්ලොග් එකට දිරියක් දෙන්න. මගේ ජීතේට දිරියක් දෙන්න. මට මගේ කතව කියන්න ඔනේ. කවුරුත් එක අහයි ද?
[ Read More ]
Wednesday, April 10, 2013

පිස්සු පුසා ගැන.. පිස්සු පුසාගේ බ්ලොග් එක ගැන...

පැහැදිලිවම මේ හැමදේම ලියන්න කලින් දෙයක් කියන්නම් පිස්සු පුසා කියන්නේ සිංහල භාෂා විශාරදයෙක් නෙමේ. ඒක නිසා  මං ලියන ඔනම තැනක වැරදි ගොඩක් තියෙන්න පුලුවන්.  එත් කියවගන්න පුලුවන් වෙවි කියල හිතනවා..

මේ බ්ලොග් එක පටන් ගෙන සැහෙන කාලයක් උනාට ලියපු ලිපි නම් ගොඩක් අඩුයි. මෙක පටන් ගත්තේ මගේ ජිවිතේ සිදූන එක්තාරා සිදුවීමක් නිසා. ඒ කතාවට ගොඩක් ප්‍රතිචාරත් ලැබුනා. ඊට පස්සේ මොහොමඩ් බ්ලොග් එක නිසා එක එක විදිහේ දේවල් ගැන ලිව්වා. ඒ ලැබුන කමෙන්ට් නිසා හිතට ලොකු ෆිට් එකක් තිබ්බ ලියන්න .. ඒත් කවදාවත් කමෙන්ට් නිසා ලිව්වේ නැ . අදට ලියන්නෙත් නැ, හෙටට ලියන්නේත් නැ. කමෙන්ට් කිරිම හො බ්ලොග් එක ෆලෝ කිරිම ඔබේ කැමැත්ත. 

සමහර සහොදර සහොදරියන්ගේ අදහස් හා අවවාද සමහර අවස්තාවලදි ජිවිතේට වගේම බ්ලොග් එකටත් ලොකු හයියක් උනා ඒ හැමොටම ගොඩක් පින්.  නම් වශයෙන් දැන් මතක නැ වෙලාවක කමෙන්ට් හොයල ඒ අයගේ කමෙන්ට් එක්කම මේ ලිපිය අප්ඩෙට් කරන්නම්. ඒ මේ බ්ලොග් එක ගැන..

මේ පිස්සු පුසා ගැන
…මට අවුරුදු 31ක් එත් 31ක් වගේම නෙමේ. 2006ට කලින් මගේ ජිවිතේ තිබ්බ සොදුරුම කාලය ඒ මීට අවුරුදු 7කට කලින්. 2006න් පස්සෙ ජිවිතේ අදුරුම කාලයට මුන දෙන්න උනා තාමත් ඒ අදුරු කාලයේ ජිවත්වෙනවා ඒ වුරුදු 7 දි සොදුරු දෙවල් වගෙම ජිවිතේ වෙනස් වෙන්න හොද දේවල් සිදු නොඋනාම නෙමේ. හෙට ගැන බලාපොරොත්තුවක් දැන් නැති තරම්. මේ දේවල් කියන්නේ 2013.04.10 මන් දන්නේ නැ හෙට දවසේ මගේ ජිවිතේ අදුර නිමා වෙලා පහන් ආලොකෙන් බැබලේවිද කියල,  එත් එහෙම වෙන්න තියන ඉඩ කඩ නම් බොහොම සීමිතයි.

…අනික් දේ තමා මං සිංහල බෞද්ධයෙක්. එත් මතක තියාගන්න මං බෞද්ධයෙක් උනාට කෘතක්ජනයෙක් . අද්‍යාත්මිකව මං දියුණු වෙලා නැ. එත් මට මගේ රට ජාතිය ආගම ගැන කැක්කුමක් තියනවා. සමහර ලියපු ලිපි වලට ගොඩක් දෝෂාරොපන  ආවා. සමහර කමෙන්ට් දුකට ඩිලිට් කරා.  
අන්තිමට ...
…මේ බ්ලොග් එකේ මේ ලොකේ , සාමාජය ගැන හැමදේම ගැන මං දකින විදිහ ලියයි..
…කාට හරි ප්‍රයොජනයක් වෙන්න පුලුවන් දෙයක් දෙන්න උත්සහ කරයි..
…මගේ ජිවිතය ගැන මං ලියයි.. ජිවිතේ අර පහන් ආලොකයේන් අලෝක නොඋනොත් ගොඩක් දේවල් සිදුවේවි .. එදාට මේ බ්ලොග් එක බලපු අය සමහර විට මට සාපනොකරාවි..  

මාත් එක්ක හිටපු හැමොටම ගොඩක් ස්තුති.. ඒ වගේම පින්.
…මේ ලිපිය අප්ඩෙට් වෙවි. මං ගැන බ්ලොග් එක ගැන මොනා හරි  මග ඇරිලනම් කියන්න.


FB profile




[ Read More ]
Wednesday, February 6, 2013

අපි පන්සල් නොයන ජාතිවාදියොද?

මට මෙක ලියන්න හිතුනේ කිපදෙනෙකු බුකිය හරහා අහපු නිසාත් බුකියේ දාල තිබ්බ පින්තුරත් නිසා.

අපි පන්සල් යනවද?

බහුතරය පන්සල් යන හොද ජාතික හැගිමක් තියන අය. සමහරු පන්සල් නොගියත් හොද පිරිසිදු බෞද්ධයන්. සමහරු අහයි පන්සල් නොයන  බෞද්ධයො මොකුන්ද කියල පන්සල කියන්නේ මොකක් ද? බෞද්ධ ධර්ශනය කියන්නේ මොකක්ද කියල හොයල බැලුවොත් එකට ගොඩක් හොද පිලිතුරක් එකට ලැබෙවි. අනික බොහො පිරිසකට පන්සලෙන් ඇත් වෙන්න හෙතු තියනවා. තව කාරනයක්. පන්සල් යන හතර පොයටම සිල් ගන්න හැබයි පස්පව්ම කරන පිරිස කොච්චර ඉන්නවද? ඒ වගේ පන්සල් නොයන නමුත් පන්සිල් රකින හදවතින්ම බෞද්ධයො කොච්චර ඉන්නවද?    අපේ අතිතේ මේ රටේ රජවරු විසින් යුද්ධ කීයක් මෙහෙයවන්න ඇතිද? ඒ යුද්ධ වෙනුවෙන් ඉදිරිපත් උන රට ජාතිය ආගම ගැන කැක්කුමක් තිබුන හැම එකාම පන්සල් ගියපු උන්ද? (මන් නම් දන්නේ නැ) රට ජාතිය ආගම ගැන කතා කරන උබල පොයකට පන්සල්වත් යනවද? මෙහෙම අහන අයට කියන්න ඔනේ මේ පන්සල විතරක් රැකගැනිමක් නෙමේ. මේ සටන ජය ගත්තොත් ජීවත් වෙන්න රටකුත් යන්න පන්සලකුත් ඉතුරුවෙවි. මතක තබාගන්න රටත් ජාතියත් රැකුනොත්  තව බොහො දේ රැකේවි. පස්පව් කරන පුද්ගලයන් ඉන්න පුලුවන් රට ජාතිය රැකගන්න ඉදිරිපත් වෙන මොක්ද ඔවුන්ට ඔබලාට වඩා යමක් තේරෙන නිසා. මොකද යම් දවසක මෙක හබ්බ රාජ්‍යක් උනොත් කොන කාපගෙන අල්ලා හුවක් බර් කියාගෙන ජිවත් උනොත් මිසක් හො යහමින් මුදල් තිබෙනම් වෙනත් රටක සරණ පතාගෙන නොගියොත් උපන් බොමේ නිදහස් පුර වැසියෙක් විදිහර මැරෙන එක බොරු.

එතකොට අපි ජාතිවදියොද?

LTTE කාරය අයුද අරන් කෙටි කාලිනව මේ රට අල්ලන්න ගියා ඉක්මන් කොටයි කියනවනේ. එත් හබ්බය හින් නුලෙන් කාටත් නොදැනෙන්න මේ වෙනකන් ගෙම ගැහුවා. එත් මීට ටික කාලෙකට ඉහත්දි මේ ගැන බ්ලොග් හරහා කතාකරා මොහොමඩ් බ්ලොග් අඩවිය නිසා ලොකු ආන්දොලනයක් උනා. පසුව බුකිය හරහා යම් යම් දේ සිදු උනා . පිරිසක් මේ සම්බන්දව දැනුවත් උනා ඒ දැනුවත් විමත් එක්ක ක්‍රියාකරිව පිරිසක් ප්‍රසිද්දියේ කාතාකරා. හබ්බයා නුගත් උනාට හෙන කපටියා අපි පුන්චි පවුල රත්තරන් කියද්දි ජනගහනය හා මුදල් මොවුන් ලොකුම අවිය කරගත්තා. අද බහුතරයකට මෙය දැනුනත් අවබොදයක් ඇත්තේ බොහොම සුලුතරයකට විතරයි. ඉතින් අපි ජාතිවාදින්.

අපි පන්සල් නොයන ජාතිවාදින්... දවසක මේ සටන ජයගත්තොත් කිසිදු උපහාරයක් සම්මානයක් නොමැති කවුරුත් නොහදුනන ජාතික විරයොවෙවි. පැරදුනොත් අප මියයාවි රට ජාතිය ආගම වෙනුවෙන් වදවි යන ජාතියක විරුවන් ලෙසින්. එදාට ඔබලා පසු තැවෙවි, කදුලු සලාවි. පරක්කුයි බොහො පරක්කුයි.

ඔබ සැමට තෙරුවන් සරනයි!
[ Read More ]
Friday, January 25, 2013

රට ජාතිය ආගම ගැන කැක්කුමක් තියේ ද? පොඩ්ඩක් ඇවිත් යන්න එන්න...2

කේ.එස් කණ්ඩායම ප්‍රමුඛ රැස්වීම (සියලු දෙනාටම විවෘතයි)

 අද ඉතාමත් සාර්තක විදිහට මේ හමුවීම නිමා උනා. මුලින්ම මෙය සංවිදානය කරල ඒ වෙනුවෙන් මහන්සි වෙලා කැප කිරිම් කරල මුදල් යොදවලා මේ දේ ට මහන්සි උන අපේම සොහොයුරන්ට මං හදවතින්ම සුබ පතනවා. ඒ වගේ ඒ මහන්සියේ සුබ ප්‍රතිපල රැස් උන හැමොම දැක්ක. මේ අපේ බුකියේ සෙට් එකගේ ආගමනය. ඒ වගෙම යායුතු ලොකු ගමනක් හා අබියොග රැසකට මුන දෙන්න මේ හදවතින්ම එකතු උන අපි හැමොටම තියනවා. මේ ජාතික වග කිම පිරිසක් දැනටම ආරම්බ කරල ඉවරයි. එහි එක එකමුතුවක පලමු සාර්තක වෙඩිමුරය නුර ගැටෙබේදි පත්තුකරා. මේ පටන්ගත්ත දේ සාර්තක අවසානයක් අපි දකිනවා අනිවා අපි ඒක දකිනාවමයි...

මෙක පටන් ගන්න බුකිය හරහාත් කලින් ලියපු ලිපියටත් හිනා උන පිරිසකුත් හිටියා. හිනා වෙන්න ඇති තරම් හිනා වෙන්න. බනිනන්න ඇති තරම් බනින්න. හංවඩු ගහන්න ඇතිතරම් , කියන්න අපිට ජාතිවාස්දියො කියල. මතක තියාගන්න මේ රට ජාතිය ආගම ගැන කැක්කුම නැති උදවිය ඉන්නේ අද විතරක් නෙමේ අතිතයෙත් හිටියා. මේ රට අපේම මිනිස්සු පාවල දුන්නේ නැද්ද? අද මහලොකුවට කතාකරන මිනිස්සු අද කරන්නේ තම්බියට රට පාවල දෙන එක නෙමේද? හිතන්න මොහොතක් තමන් ගේ හදවතට තට්ටු කරල.  

අපි යමක් පටන් ගත්තා ඒ දේ අපි කරනවා . අද අපි මෙහෙම ජිවත් වෙන්නේ අපේ ආදි මුතුන් මිත්තො මෙක ලේ හලල රැක්ක නිසා. අද බයක් නැතිව පාරේ යන්නේ අපේ සිංහල කොල්ලො LTTE විනාස කරපු නිසා අපි ඒ හැමොටම නයයි . අපි මෙහෙම ජිවත් වෙන එකට ඒ හැමොටම නයයි. අනාගතේ දවසක අපිට හිනාවෙන උන් අපිට නයකරයො වෙනවා. එත් හැමොගෙන්ම බොහොම කාරුනිකව ඉල්ලන්නේ රට ජාතිය ආගම තමුන්ගේ ජිවත් විමේ අයිතිය තමන්ගේ උරුමය වෙනුවෙන් යදින්නේ නැතිව ඒ උරුමය වෙනුවෙන් ඔබේ යුතුකම කරන්න. අපිත් සමග රැදෙන්න. හැකි පමන් අපි ඔබව දැනුවත් කරන්නම්..

ඔබ සැමට දළදා පිටිටයි!
[ Read More ]
Sunday, January 20, 2013

රට ජාතිය ආගම ගැන කැක්කුමක් තියේ ද? පොඩ්ඩක් ඇවිත් යන්න එන්න...

 රට ජාතිය ආගම ගැන මේ දවස් වල තියෙන්නේ ලොකු උන්මාදයක් නේ ද? එක හුදෙක් සාමාජ ජාල වල සොබනයක් ද? ලයික් කමෙන්ට් එකතු කරගන්න. තමන්ගේ නම ගෘප් එක පබ්ලිශ් කරගන්න ද? අපි රට ජාතිය ආගම ගැන කතා කරන්නේ අපේ හදවතින් ම එන කැක්කුමකින් නම් එන්න .. ඇවිත් එකතු වෙන්න. එන්න කලින් මේ ගැන හිතන්න..

හිතනවාද එක ජාතිවදය කියල. තමන්ගේ රට ජාතිය ආගම රැකගන්න. ඒ ගැන කතා කරන්න බයද? එහෙනම් මේ ඔබලාට නේමේ. මේ ආරාධනය රට ජාතිය ආගම ගැන කැක්කුමක් තියන විරයන්ට. අපේ රට අවුරුදු 30ක් වෙලාගෙන තිබ්බ යුද්ධය ඉවරයි ලොකු සටනක් කරල තමන්ගේ ජිවිත, දේමාපියන්ට ආදරනිය දරුවන් , බිරින්දැවරුන්ට ස්වාමිපුරුශයින්, දරුවන්ට සෙනෙහේ බර පියා මේඅය ගොඩක් මැරුනා හමහරු සදාකලික අබ්බගාතයින් තව සුලු පිරිසක් දෙයියනේ කියල නිරුපද්දිතව ඉන්නවා. මේ ඉන්නේ අපේ කාලේ සැබැ විරුවන්. එත් දැන් අලුත් දෙයක ආරම්බයක්.. ඒ මොකක්ද කියල අමුතුවෙන් කියන්න ඔමනා නැ. අමිහිරි අතිතයෙන් මිදි නැවත එවන් යුගයක් නොයෙන්න කටයුතු කිරිමත් එක්තරා යුද්දයක් ඒ යුද්ධය කරන අයත් , ඒ යුද්දයට නායකත්වය දෙන අයත් විරයො නෙමෙද?

"මේ සිංහල අපගේ රටයි අපි ඉපදුන මැරෙන රටයි"

අද මෙහෙම කටක් ඇරල කියන්න පුලුවන්ද? මේ සිංහල අපේ රටට අයිතිවාසිකම් කියන්න කොච්චර අය ඉන්නවද? සැබැවට මේ සිංහල අපේ රටේ සිංහල අපිට නිදහසක් තියනවද? හිතන්න අවන්කවම හිතන්න තමන්ගේ හදවතට තට්ටු කරල අහන්න. ඔබ තවත් කියනවද තමන්ගේ රට ජාතිය ආගම ගැන කතාකිරිම ජාතිවදය කියල.. නැ මේ උත්සහය සිංහල අපිට ජිවත් වෙන්න සිංහල අපේ උරුමය රැක ගන්න. එයට අපි හැමොම එකමුතුව නැගිසිටිය යුතුයි. පිරිසක් දැනටමත් නැගිසිටල හමාරයි ඒ ඇතිද? නැ ඒ අයට ශක්තියක් වෙන්න තව අය නැගිසිටිය යුතුයි. මේ සිංහල රටේ හැම සිංහලයම නැගිසිටිය යුතුයි. එහෙම නැගිසිටින්න නම් කවුරු හරි මුල පිරිය යුතුයි. ඉතින් එකට දැන් හොදම කාලයයි එන්න ඇවිත් ශක්තියක් වෙන්න. මුල පුරන්න ශක්තියක් වෙන්න. අනාගතේ විරුවන් වෙන්න. මේ ඔබටයි ආරාධනය.

වැඩිවිස්තර සදහා  මෙතන කොටන්න
අපි මේ කරන්න යන දේ විහිළුවකට අරගෙන හිනා වෙන අයට කියන්නෙ..

උබල අද ඇති තරම් හිනා වෙයල්ලා. උබල කොහොම හිනා උනත් අපි මේ පටං ගත්තු වැඩේ දිගටම කරගෙන යනවා.

ඒත් එකක් මතක තියාගනිල්ලා, උබලා අද හිනාවෙයි. ඒත් තව අවුරුදු 5කින් සමහරවිට තව අවුරුදු 10කින් උබලට හිනාවෙන්ඩ තිටා අඩන්ඩවත් රටක් ඉතුරු වෙන එකක් නෑ.....

-උබලට ජය-
පහලින් තියෙන්නේ ආපු මෙල් එකක්. ඉ මෙල්, සාමාජ ජාල අඩවි, වලින් විතරක් හැමදෙම කරන්න බැ එයින් යම් දැනුවත් විමක් කල හැකියි. මන් මේ කරා වගේ. එත් අපි මේ දේට වඩා යමක් කලයුතුයි. 
මා පෙර ලියු ලිපියක් කියවන්න . මීටවඩා යමක් එකතුකරගන්න පුලුවන් වෙවි 
සැලකිය යුතුයි. මේ හබ්යන් ගැනම පමනක් නෙවේ..
 ස්තුති..












[ Read More ]
Sunday, January 6, 2013

හුදකලා වු විවහා සංවත්සරය....

අද 2013/01/06 මිට අවුරුද්දකට කලින් එ කියන්නේ 2012/01/06 ජිවිතේ ගොඩක් බාලාපොරොත්තු තියාගෙන විවහා උනා.  අවුරුද්දක්  ගතවෙන මේ මොහොතේ ඒ තැබු සියලු පැතුම් බොදවෙලා ගිහින්,.

දන්නේ මෙක මගේ පවුද්ගලික ජිවිතේ, මෙක එක පැත්තකින් ඇඩියාවක්, දුකක්. ඒක මේ වගේ තැනක ලියන්න හොද ද නරකද කියන්න මං දන්නේ නැ ඒ වගේම මේදේ කාටවත් වැඩකුත් නැ. සමහර විට කවුරුත් මෙක දකින එකකුත් නැ, කියවන එකකුත් නැ. ඒ මොන දේ උනත් මට කියන්න කෙනෙකුත් නැ. මගෙන් මොකුත් අහන්න කෙනකුත් නැ. ටිකක් හරි හිතේ තියන මහා ගොඩක් දේවල් වලින් ටිකක් හරි නිදහස් වෙවි.

100% දෙවල් සම්පුර්න නැතත් මගේ ජිවිතේ ආදරය හැර ඇනෙක් බොහො දේ මගේ ජිවිතය සම්පුර්නයි. ඒ හැම දෙකටත් වැඩිය මම ජිවිතේන් ගොඩක්ම හෙව්වෙත් ආදරයයි . ජිව්තේ ආපස්සට හැරිල බලනකොට මගේ ජිවිතේ ආදර මට දුන්නු දේවල් වලට වඩා මට අහිමි කරපු දේවල් වැඩි. එත් හැම වෙලාවකම උත්සහ කරේ ඒ ආදරයම හොයන්න. ඒ එක්කම නැදැ කෙනෙක් ගෙන ආව යොජානාවකින් අදුන ගත්ත කෙනේක් එක්ක ආදරේන් බැදෙන්න උනේ මගේ මුලු ජිවිතයම ඇගේ දේපාමුල තියල. එත් මන් දැන ගෙන හිටියේ නැ ඇය මට බොරුවක් කරන බව. හිටපු ගමන් කොල්ලෙක් මට කතා කරා . පස්සෙ කිව්වේ එක ඉවර උනු සම්බන්දයක් කියල. තව ටික කාලය්ක් යද්දි එලි උනේ එයා වෙන කෙනෙක් එක්ක ම(මාව හම්බෙන්න කලින් ) දුර ගිය සම්බන්දයක් තිබ්බ කෙනෙක් කියල. මේ දෙවල් එක්ක මෙ හැමදේම එපා වෙල මේ සම්බන්දේ බොහො අවස්තාවලදි නවත්තන්න හැදුවත් එයාගේ කදුලු මාව නැවැත්තුවා. ඒ අතිතය කියල මාත් ඒ හැමදෙම අමතක කරන්න උත්සහකරා. මෙ හැම දෙකදිම ඇයට ඇයගේ මවගෙන් රැකවරනය ලැබුනා. සැම විටකම මන් වැරදි කරු උනා. එත් මන් ඇය ගැනත් ඇය ආදරය වෙනුවෙන් අහස උසට මට දිපු හින බලාපොරොත්තු වෙනුවෙන් ඇයත් සමග විවහ වෙන්න තිරනය කරා. ටික කලක් උනත් ඇය මගේ කරගෙන ඇයත් සමග දැකපු සුන්දර ලොකය ගොඩනගන්න ඔනේ උනා. එ යාලට ඔනේ උන ලොකෙට පෙන්න මගුලක් ගන්න. ඉතින් මන් වියාපරික අවශ්ය තාවයක් වෙනුවෙන් බැන්කුවකින් ගත්ත නයමුදලකුත් එ වෙනුවෙන් වියදම් කරල අද වගේ දවසක ඇයව විවහා කරගත්තා.

මාස තුනක් ව්තර අපි ගොඩක් හොදින් හිටියා. එත් ඉන් පස්සෙ බොහො දේවල් වෙනස් වෙන්න ගත්තේ අපෙ ජිවිත අපෙන් ගොඩක් ඇත් කරමින්. බොහො අවස්තාවලදි ඇයට තෙරුම් කරදෙන්න ගත්තත් ටික දිනකින් එ සියල්ල නැවතත් වෙනස් වෙනවා. ඇය පව්ලක් යුතුකම් වගකිම් ගැන හිතන්න ඔනේ කමක් නැ , ඇගේ දේමපියන් කියන්නේ ඇය නිදසෙ හැන නිසා කියල. ගෙදරදි මොකුත් වැඩක් කරෙ නැලු. කසාද බැන්දම ඒ වා හරියයි කියල හිතුවලු. ඉතින් මන් ගොඩක් උත්සහා කර ඇයට ජිවිතේ ගැන කියල දෙන්න එයින් මේ දේවල් අපි දෙන්නට එපා උනා. එත් මොන දේ උනත් මන් නිතරම උත්සහා කර ඇයව තනි නොකර ඇයව වෙනස් කරන්න. එයි උනේ ප්‍රශ්නය දුර දිග ගිය එක. ඇයට මාවත් මට ඇයවත් නුරුස්සන තැනට පත් උනේ අපි නොදැනුවත් ම. එ මොන දේ උනත් මා නිතරම මගේ යුතුකම් වගකිම් වෙනුවෙන් කැප උනා. ඇය අසනිපයක් නම් මන් නිතරම එයා ලගින්ම හිටියා එත් ගොඩක්ම මගේ හිත රිදුන දේ උනේ මට අසනිප වෙලා අමාරු උන අවස්තාවකදි ඇයට මාව අමතක උන එක ගැන. මගේ නංගි මට කාසය එකක් හදල දෙන්නද අහනකන් එයාට මාව අමතක වෙලා.

එයාට ඔනේ වෙලා තිබ්බ කලින් වැඩ කරපු තැනින් එකතු උන epf. etf සල්ලි ගන්න ඉතින් එ බව කියල කිප අවස්තාවක් ගෙදර ගිහින් එන්න කියපු දවසට අවේ නැ , එයා ඒ කරපු දේ එයා ගැන තවත් මට කලකිරවන්න ලොකු හෙතුවක් උනා. මට දොස් කියමින් එයා එයගේ වැරදි වහගත්තා. එයා කරපු ඒ හැමදෙකටම එයාගේ දේමාපියන්ගේ නිසැක ආශිර්වදය ලැබුන. ඒ දෙවලුත් එක්ක එයා මාව නොසලකා හැරියා. දවස් ගානක් නිහඩව ඉදල අවස්නයේ මන් එයගේ ගෙදර ගියා එන්න කියදිත් අවේ නැ . මන් නුවර එලිය පොලිසියට ගියේ වෙන කරන්න දෙයක් නැතිම තැන. එ ගිහිල්ලත් එයාට කතා කර එයා මට කිව්වෙ පුලුවන් දෙයක් කරන්න කියල. ඉතින් මට එයාට විරුද්දව පැමිනිල්ලක් දන්න ඔනෙ වුනේ නැ. ඉතින් එතන හිටපු පවුල් අරවුල් ගැන බලන් මිස් කෙනෙක්ට මන් කතා කරා හැමදෙම කිව්ව . ඉට පස්සේ එයාගේ ගෙදරට කතා කරල එයාව පොලිසියට ගෙන්නුව ගෙන්න ල හොද සින්හලෙන් තෙරුම් කරා. එකල්ල කිව්වේ මත් එක්ක ගෙදර යන්න කියල එයා දිගටම බැ කිව්ව. ඉට පස්සෙ . එයා කිව්වේ එයාට ඔලුවෙකැක්කුමයි කියල. ඒ මිස් හිනා උනා. මගෙන් ඇහුවා ඉන්නවද කියල මන් හා කිව්ව. එයා මගේ දිහ බලාගෙන හිටියේ හතුරෙක් වගේ එහෙම ඉදිද්දි මට එයාගේ ගෙදර යන්න හිත දුන්නේ නැ . මන් මහ රැ සිතලේ අපහු නුවර අවා.

ටික දවසකින් එයාම අපහු ගෙදර අවා. ඒ අපු දවසෙ නම් මට ගොඩක් තරහ ගියා. මන් එයාට අවන්කවම ගැහුවා. එ මට එහෙම කරපු එකට දුකට. පස්සෙ මන් එයත් එක්ක හොදින් ඉන්න උත්සහ කරා, පුලුවන් තරම් එයගේ පවුලේ අයෙන් ඇත් කරල තියන්න මට ඔනෙ උනා. එයාට ගෙහරින් කතා කරොත් මිසක් මන් එයාට කතා කරන්න දුන්නේ නැ . 

(මට දැන් අයේ ලියන්න බැ පස්සේ ලියනවා. දැන් සති තුක් ඉදන් පුසා හොදට බොනවා. අද අනිවසරිය. හොදට බිව්ව. මේ 1, 2 පස්සෙ)
[ Read More ]