Thursday, January 20, 2011

FB එකෙන් අසම්මතයේ පෙමක් .... 3


එ යන ගමන් මන් මගේ ආදරේ මගේ හැගිම මන් එයාට කිවුවා. පොඩි නිහැඩියාවක් අපි අතර තිබුනත් මන් බලන් හිටියේ මෙ ඇති උන ආදරේ ගැන එයාගේ තිරනේ ලැබෙනකන්..   එයා හඩ අවදි කරේ ලොකු දුකක් මහා ලොකු දේයක් කියාගන්න බැරි අසරන කමකින් බව මට තේරුනේ මේ සාමාජය ගැන යම් අවබෝදය මට තිබුන නිසා.. ඒත් මට ඇයව අසරන කිරිමේ චේතනවක් නොතිබුනත් මන් එක පරම එයා ගෙන් ඇහුවේ ඔයට මට කියා ගන්න බැරිව ඉන්නේ ඔයාගේ Virgin එක ගැන නේද කියලා. එයා ඔව් කියනකොට මට මේ මුලු ලොකේම මගේ වටේ කැරකෙන්න ගත්තා වගේ මට දැනුනා. ඒ වෙලේ හදවතට දරා ගන්න බැරි දුකක් ඇස් වලට කදුලක් අවෙ හිතේ අවන්කවම පැල පදියන් උන ආදරේ නිසා...

එයාටත් ඇඩුම් අවේ අයි දැයි මන් දන්නේ නැ.  මාත්  carpark පිටිපස්සටම ඇවිත් කටත් හොරා හිතේ දුකට ආව කදුලු පිහිදාගෙන එයත් එක්ක එ ගැන කතා කරන්නයි.  මට අඩ අඩ ඒ විස්තර කියන්න ගත්තේ මගේ හදවත කම්පා කරමින්.  නිහඩව එ හැම දේම මන් අහගේන හිටීයේ මගේ ආදරේ බින්දුවක් වත් අඩු නොකරගෙන.  ඒ හැමදේම මට කියලා එයා මගේන් අහුවේ ඔයාට තාමත් මට ආදරේ කරන්න පුලුවන් ද කියල... ඔව් මගේ රත්තරන් මන් ඔයාට ආදරේයි. එත් මට ඔයාට කියන්න ගොඩක් දේවල් තියෙන්වා. මන් ගෙදර ගිහින් ගන්නම් කියල phon එක තියල අපහු පාර පත්තට අවිත් ciga එකකුත් අරන් car එකට අවිත් එක පත්තු කරන් අමුතුම ලොකේකට ගියේ කල්පනා කරන්න දෙවල් ගොඩාක් තිබුන නිසා... 

ඒ කියපු දේවල් මගේ හිතේ හොල්මන් කරන්න ගත්තේ ඇත්තටම එහේම වෙන්න පුලුවන්ද යන හැගිමත් එක්ක.   කාට හරි පුලුවන්ද තමන්ගේ ජිවිතේ වගේ ආදරේ කරන කෙල්ලව අවු 18 දි ගැනියෙක් කරන්න?

((මටත් තිබුනා මගේ first love එක. අපේ ගෙදරින් ලෙඩ දාපුනිසාත් තවත් හෙතුවක් නිසා මට ඒක නවත්තන්න උනා. මාස 3ක love එකක්. අපි ගොඩක් ආදරේන් හිටියා. ඒ දවස් වල මගේම කියලා shop එකක් කරා. ඒ girl ගේ ගෙදර කවුරුත් නැ දවල්ට මෙයා තනියම. මන් shop ගොලයට දිලා එහේ යනවා. මට එයත් එක්ක ඔනේ දෙයක් ඔන විදිහකට කරන්න නිදහස තිබුනත් කිසිම මොහොතක එහෙම දේ කට පෙලබුනේ නැ. එ කෙල්ලට මන් අවන්කව ආදරේ කරා. ඒ ආදරේ කියල මන් ඒ කෙල්ලව නන්නත්තර කරන්න ඔමනාවක් මට තිබුනේ නැ. අපි අදරේ කරා, ලන් වෙලා හිටියා, උපරිමය kiss එකකට වඩා එහා යන්න මන් ගියේ නැ. ඒත් යන්න ඔනේ නම් ඔන තරම් අවස්තාවල් මට තිබුනා. ))

ඇයි ඔයා එච්චර පොඩි කලේ ඒ වගේ දෙයක් කරේ, කොහොමද එහෙම කරේ?

මට ඒ දවස් වල ඒතරම් ඒගැන දැනිමක් තිබුනේ නැ.. එ මගේ ආදරේ එයා වෙනුවෙන් මට ඔනේ දෙයක් කරන්න පුලුවන්. එයා ගෙදර කවුරුත් නැතිවෙලවක අපේ ගෙදර අවා.  එ දේවල් උනේ කොහොමද කියන්න තරම් මට තේරුමක් නැ.  හැමදේම උනේ එයාගේ ඔමානවට. ආදරේ නිසා, මන් එ දේවල් ගැන හිතුවෙත් නැ.  ඒ මගේ ආදරේ ඒ වෙනුවෙන් මට මොනා උනත් කමක් නැ කියල හිතුනා. මන් එදා දැනගෙන හිටියේ නැ මන් ගැනියෙක් උන බවක්වත්..

ඔයාට දැන් 22ක් අවු4 ක්.... අතුලත ඔයාලා එහෙම කීවතවක් ඉන්න අතිද? මොනවගේ දේවල් සිද්ද වෙන්න අතිද?

අපි එහේම එච්චර හිටියේ නැ. 3ක් 4ක් විතර. එයා අන්තිමට දැකලත් මාස 7ක් විතර.

car park  එක පිටි පස්සේ අපි කතා උනේ ඒවගේ දෙවල් ටිකක්.  ගෙදර එන ගමනුත් ඇවිල්ලත් නිතරම හිතුනේ මෙ කියන දේවල් ඇත්තද කියලා. ඇත්ත උනත්,  බොරු උනත් එ ආදරේ වෙනසක් උනෙ නැ.  එ තරමට එයා මගේ ජිවිතේට අවිල්ල ඉවරයි.. අපි කොයි තරම් වෙලා කතා කරනවද දවසකට? ගොඩක් දවස් වලට mobitel freedom 2ක් විතර දානවා පැය4ක්. මගේ බ්ලාස්ටර් 1000min සතියක් වත් තියෙන්නේ නැ.  ඒ තරම් කතා කරන්න දේවලුත් අපිට තිබ්බා,  ඒ තරම්ම අපි අපිට ලන් වෙලා..

ගෙදර ඇවිත් මන් call කරේ  ගොඩක් දෙවල් එයාට කියන්නත් එයාගේ තිරන ගැන දැන ගන්නත්.

( Comments දාපු ඔයාලට ගොඩක් ස්තුති.. තමන් ලියපු දෙයක් කවුරු හරි කෙනෙක් කියවනවා කියන එකත් එ වෙනුවෙන් වචනෙකින් හරි හයියක් වෙන එක ලොකුම ලොකු හයියක් )

2 Responses so far.

  1. Anonymous says:

    අයියා ඇත්තටම ඇඩෙන්න එනවා වගෙ කියවනකොට ඇත්තමයි.අයියා මේ ඈත්තම කතාවක් නේද.දිගටම ලියන්න අපි එනවා කියවන්න.

  2. ආදරේ කියන්නේ මේ වගේ දෙයක්..ඒත් එතනින්ම පේනවානේ ආදරේ වෙනුවෙන් කෙනෙක් ජීවිතේ වටිනම දේ කැපකරන්න කැමතියි..තවත් කෙනෙක් ආදරේ බිල්ලට තියලා වටිනම දේ උදුරගෙන..ආදරේ කරන අය වෙලාවකට හරි කුහකයි..ඒකයි ආදරේ කියන කිරිමුට්ටිය ගොම මුට්ටියක් වෙලා තියෙන්නේ

Leave a Reply

දාමු බලන්න කමෙන්ට් එකක්

 
 

About Me

My photo
මොනවාකියන්නද හිතාගන්න බැ. බොහොම සරල කෙනෙක්. බුකියේ මෙ මන් http://facebook.com/pissupusa G+ වල මන් https://plus.google.com/108639370171940303617/posts